16. සංසට්ඨවාරය
අධිකරණයැ යි හෝ ශමථයැ යි හෝ මේ ධර්මයෝ මිශ්ර වූවෝ ද නොහොත් අමිශ්ර වූවෝ ද, බෙදාලමින් මේ ධර්මයන්ගේ නානාත්වය පණවන්නට ලැබේ ද යත්:
“අධිකරණයැ යි හෝ ශමථයැ යි හෝ මේ ධර්මයෝ අමිශ්ර වෙති, මිශ්ර නො වෙත්. බෙදාලමින් මේ ධර්මයන්ගේ නානාත්වය පණවන්නට ලැබේ” යැයි (යමෙක් කියා නම්) හේ ‘මෙසේ නහමක් කිය’ යි කියයුතු වන්නේය. අධිකරණයැ යි හෝ ශමථයැ යි හෝ මේ ධර්මයෝ මිශ්ර වෙති. අමිශ්ර නො වෙත්. බෙදාලමින් මේ ධර්මයන්ගේ නානාත්වය පණ වන්නට නො ලැබේ. කවර හෙයිනැ යත්: භාග්යවතුන් වහන්සේ විසින් “මහණෙනි, මේ අධිකරණ සතරෙක, ශමථ සතෙක, අධිකරණයෝ ශමථයෙන් සන්හිඳෙති, ශමථයෝ අධිකරණයෙන් සන්හිඳෙත්.” යයි වදාරණ ලද්දේ නො වේ ද, මෙසේ මේ ධර්මයෝ මිශ්ර වෙති, අමිශ්ර නො වෙත්. බෙදාලමින් මේ ධර්මයන්ගේ නානාත්වය පණවන්නට නො ලැබේ මැ යි.
සොළොස්වන සංසට්ඨවාරය නිමි.
17. සම්මතිවාරය
විවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, අනුවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, ආපත්තාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කිච්චාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්:
1. විවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකායේන් දැයි දෙ ශමථයෙන් සන්හිඳෙයි.
2. අනුවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්යසිකායෙන් දැයි සිවු ශමථයෙන් සන්හිඳෙයි.
3. ආපත්තාධිකරණය සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙයි.
4. කිච්චාධිකරණය සම්මුඛාවිනය සඞ්ඛ්යාත එක් මැ ශමථයෙන් සන්හිඳේ.
1. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකායේන් ද සති විනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්යසිකායෙන් දැයි පස් ශමථයෙන් සන්හිඳේ.
2. විවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකායේන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි සිවු ශමථයෙන් සන්සිඳේ.
3. විවාදාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකායේන් දැයි දෙ ශමථයෙන් සන්හිඳේ.
4. අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්යසිකායෙන් ද තිණවත්ථාරක යෙන් දැයි ෂට් ශමථයෙන් සන්හිඳේ.
5. අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හ යත්: අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අවිනයෙන් ද තස්සපාපිය්යසිකායෙන් දැයි සිවු ශමථයෙන් සන්හිඳේ.
6. ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳේ.
7. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛා විනයෙන් ද යේභුය්යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්යසිකායෙන් ද තිණවත්ථාරකයෙන් දැයි සප්ත ශමථයෙන් සන්හිඳේ.
8. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්යසිකායෙන් දැයි පස් ශමථයෙන් සන්හිඳේ.
9. අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්යසිකායෙන් ද තිණවත්ථාරකයෙන් දැයි ෂට් ශමථයෙන් සන්හිඳේ.