5. නවසඞ්ග්රහ වර්ගය
1. නවසඞ්ග්රහයෝ: වස්තුසඞ්ග්රහ යැ විපත්තිසඞ්ග්රහ යැ ආපත්තිසඞ්ග්රහ යැ නිදාන සඞ්ග්රහ යැ පුද්ගලසඞ්ග්රහ යැ ස්කන්ධසඞ්ග්රහ යැ සමුත්ථානසඞ්ග්රහ යැ අධිකරණ සඞ්ග්රහ යැ ශමථසඞ්ග්රහ යි.
2. අධිකරණයක් උපන් කල්හි ඉදින් ආත්ම ප්රතිපක්ෂ වූ දෙදෙනා ම (චූදිතචෝදක) පැමිණෙත් ද දෙපසට ම වස්තුව සැලකරවිය යුතු යි. දෙපසට ම වස්තුව සැලකරවා දෙපසෙහි ම ප්රතිඥාව ඇසිය යුතු යි. දෙපසෙහි ම ප්රතිඥාව අසා අපගේ මේ අධිකරණය සන්හිඳුවීමෙහි දෙපසෙහිම වූ තෙපි සතුටුවන්නහු දැ”යි දෙපසෙහි ම වූවෝ කියයුත්තාහු වෙති. ඉදින් දෙපස ම අපි සතුටු වම්හ යි කීහු නම් සඞ්ඝයා විසින් ඒ අධිකරණය පිළිගත යුතුයි. ඉදින් පිරිස අලජ්ජින්ගෙන් බලවත් වූවා ද, උබ්බාහිකායෙන් සන්හිඳවියයුතු යි. ඉදින් පිරිස බාලයන්ගෙන් බලවත් වූවා ද, විනයධරයෙක් සෙවිය යුතු යි. යම් ධර්මයෙකින් යම් විනයෙකින් යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳේ නම්. එසේ ඒ අධිකරණය සන්හිඳවිය යුතු යි.
වස්තුව දතයුතු යැ ගෝත්රය දතයුතු යැ නාමය දතයුතු යැ ආපත්තිය දතයුතු යැ
3. “මෙථූනධම්මෝ” යනු වස්තුව ද ගෝත්රය ද වෙයි. “පාරාජිකං” යනු නාමය ද ආපත්තිය ද වේ.
4. “අදින්නාදානං” යනු වස්තුව ද ගෝත්රය ද වෙයි, “පාරාජික” යනු නාමය ද ආපත්තිය ද වේ.
5. “මනුස්සවිග්ගහො” යනු වස්තුව ද ගෝත්රය ද වෙයි, “පාරාජිකං” යනු නාමය ද ආපත්තිය ද වේ.
6. “උත්තරිමනුස්සධම්මෝ” යනු වස්තුව ද ගෝත්රය ද වේ, “පාරාජිකං” යනු නාමය ද ආපත්තිය ද වේ.
7. “සුක්කවිසට්ඨි” යනු වස්තුව ද ගෝත්රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” නාමය ද ආපත්තිය ද වේ.
8. “කායසංසග්ගො” යනු වස්තුව ද ගෝත්රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
9. “දුට්ඨුල්ලවාචා”යනු වස්තුව ද ගෝත්රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
10. “අත්තකාමය” යනු වස්තුව ද ගෝත්රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
11. “සඤ්චරිත්තං” යනු වස්තුව ද ගෝත්රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
12. “සඤ්ඤාචිකාය කුටිං කාරාපනං” යනු වස්තුව ද ගෝත්රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
13. “මහල්ලකං විහාරං කාරාපනං” යනු වස්තුව ද , ගෝත්රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
14. “භික්ඛුං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසනං” යනු වස්තුව ද ගෝත්රය ද වේ. “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
15. “භික්ඛුං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධිසනං” යනු වස්තුව ද ගෝත්රය ද වෙයි. “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
16. “සඞ්ඝභේදකස්ස භික්ඛුනෝ යාවතතියං සමනුභාසනාය න පටිනිස්සජ්ජනං” යනු වස්තුව ද ගෝත්රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
17. “භේදකානුවත්තකාං භික්ඛූනං යාවතතියං සමනුභාසනාය න පටිනිස්සජ්ජනං” යනු වස්තුව ද ගෝත්රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
18. “දුබ්බචස්ස භික්ඛුනෝ යාවතතියං සමානුභාසනාය න , පටිනිස්සජ්ජනං” යනු වස්තුව ද ගෝත්රය ද වෙයි. “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
19. “කුලදුසකස්ස භික්ඛුනෝ යාවතතියං සමනුභාසනාය න පටිනිස්සජ්ජනං” යනු වස්තුව ද ගෝත්රය ද වෙයි. “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ ...
20. “අනාදරියා පටිච්ච උදකෙ උච්චාරණ වා පස්සාවං වා ඛෙළං වා කරණං” යනු වස්තුව ද ගෝත්රය ද වෙයි. “දුක්කටං” යනු නාමය ද ආපත්තිය ද වේ.
පස්වන නවසංග්රහ වර්ග යි.
වර්ගපඤ්චකයෙහි උද්දානය:
1. අපලෝකන යැ ඤත්ති යැ ඤත්තිදුතිය යැ ඤත්තිචතුත්ථ යැ වත්ථු යැ ඤත්ති යැ අනුසාවන යැ සීමා යැ පරිස යැ.
2. සම්මුඛයා යැ පටිපුච්ඡා යැ පටිඤ්ඤා යැ විනයාරහ යැ වත්ථු යැ සඞ්ඝ යැ පුග්ගල යැ න ඤත්ති යැ, පච්ඡා ඤත්ති යැ.
3. වත්ථු යැ සඞ්ඝ යැ පුග්ගල යැ අකාලෙ න සාවන යැ අතිබුද්දකා යැ අතිමහන්තා යැ ඛණ්ඩ නිමිත්ත යැ ඡායා නිමිත්ත යැ.
4. බහි යැ නදී යැ සමුද්දෙ යැ ජාතස්සරෙ යැ භින්දති යැ සීමා යැ අජ්ඣොත්ථරති යැ චතුවග්ගික යැ පඤ්චවග්ගික යැ.
5. දසවග්ග යැ වීසතිවගග යැ අනාහට යැ ආහට යැ කම්මපත්තපුග්ගල යැ. ඡන්දාරහපුග්ගල යැ කම්මාරහ පුග්ගල යැ.
6. පඤ්චඨානික අපලෝකන යැ නවඨානික ඤත්ති යැ සත්තඨානික ඤත්තිදුතිය යැ සත්තඨාතික ඤත්තිචතුත්ථ යැ.
7. සුට්ඨු යැ ඵාසු යැ දුම්මඞ්කු යැ පෙසල යැ ආසව යැ වෙර යැ වජ්ජ යැ භය යැ අකුසල යැ ගිහීනං (අනුකම්පා) යැ.