4. අප්‍රඥප්තයෙහි ප්‍රඥප්ත වර්‍ගය
1. නො පණවනලද්දෙහි පණවනලදි. … පණවනලද්දෙහි නැවැත පණවන ලදි. … සම්මුඛාවිනය පණවනලදි. … සතිවිනය පණවනලදි. … අමූළ්හවිනය පණවනලදි. … පටිඤ්ඤාතකරණය පණවනලදි. … යේභුය්‍යසිකාව පණවන ලදි. … තස්සපාපිය්‍යසිකාව පණවනලදි. … තිණවත්‍ථාරකය පණවනලදි. සඞ්ඝයාගේ මනා පිළිගැන්ම පිණිස යැ. සඞ්ඝයාගේ පහසුබව පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
2. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. දුසිල් පුඟුලන්ගේ නිගැන්ම පිණිස යැ. ප්‍රියශීලි භික්‍ෂුන්ගේ පහසු විහරණය පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
3. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. දිටුදැමියෙහි විඳියයුතු දුක්ගැහැට වළකනු පිණිස යැ, පරලෙව්හි විඳියයුතු දුක්ගැහැට නසනු පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
4. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. දිටුදැමියෙහි වනසුලු පස්පව් වළකනු පිණිස යැ, පරලෙව්හි විඳියයුතු විපාක දුක් නසනු පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
5. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවිත්‍ථාරකය පණවන ලදි. දිටුදැමියෙහි වනසුලු වරද වළකනු පිණිස යැ, පරලොව් විඳියයුතු අනිටු විපාක නසනු පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
6. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. දිටුදැමියෙහි ලැබිය යුතු (ගැරහුම් ඈ) බිය වළකනු පිණිස යැ, පරලෙව්හි විඳියයුතු විපාකදුක් නසනු පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
7. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. දිටුදැමියෙහි වන සුලු අකුශලධර්‍ම වළකනු පිණිස යැ, පරලෙව්හි විඳිය යුතු විපාක දුක් නසනු පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
8. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. ගිහියනට අනුකම්පා පිණිස යැ, ලමු අදහස් ඇති පුඟුලන්ගේ ගණබැඳුම් බිඳීම පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
9. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස යැ, පැහැදුනවුන්ගේ අයිරා පැහැදීම පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේයි.
10. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. ශාසනයාගේ තිරකල් පැවැත්ම පිණිස යැ, විනයට රුකුල් පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
සතර වන අප්‍රඥප්තයෙහි ප්‍රඥප්තවර්‍ග යි.