4. 8.
1. උනු විසිවස් ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
2. පිරිපුන් විසිවස් ඇති දෙ වසක් සවැදෑරුම් ධර්මයන්හි නොහික්මුනු සිඛ ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
3. පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් ධර්මයන්හි හික්මුනු සිඛ ඇති මෙහෙණසඟුන් විසින් සම්මත නො කරණ ලද කුමරියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
4. උනු දොළොස්වස් ඇති වැ උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
5. මෙහෙණසඟුන් විසින් සම්මත නො කරණ ලදුව පිරිපුන් දොළොස්වස් ඇති වැ උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
6. ආර්ය්යාව, තොපගේ උපසපන් කරවීමෙන් කම්නැතැයි කියනු ලබන්නී මැනැවැයි ගිවිස පසුව දොස් පහළ කරණ බවට පැමිණෙන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දොස් පහළ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, දොස් පහළ කළ කල්හි පචිති ඇවැත් වේ.
7. ආර්ය්යාව, ඉදින් තෙපි මට සිවුරක් දෙන්නහු නම් එකල්හි මම තොප උපසපන් කරවමියි, හික්මනුවකට කියා නොම උපසපන් කරවන උපසපන් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
8. ආර්ය්යාව ඉදින් තෙපි දෙවසක් මා අනුව වැටෙහු නම් එකල්හි මම තොප උපසපන් කරවන්නෙමියි, හික්මනුවකට කියා නො ම උපසපන් කරවන උපසපන් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
9. පිරිමින් හා එක් වූ කුමරුන් හා එක් වූ සැඬවූ ශෝක උපදවන සික්මනුවක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
10. මා පියන් විසින් හෝ හිමියා විසින් හෝ නො අනුදත් සික්මනුවක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
11. පාරිවාසිකව්ඡන්දය දීමෙන් සික්මනුවක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
12. වසක් පාසා උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
13. එක් වසකට දෙදෙනකුන් උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
අටවන කුමාරීභූත වර්ග යි.
4. 9.
1. කුඩ වහන් දරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි, දැරූ කල්හි පචිති ඇවැත් වේ.
2. යානයෙන් යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: යේ නම් පියෝහි දුකුළා වෙයි, ගිය කල්හි පචිති ඇවැත් වේ.
3. හිණ පළඳනාවක් දරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි, දැරූ කල්හි පචිති ඇවැත් වේ.
4. ඉතිරි අබරණ පළඳින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි, දැරූ කල්හි පචිති ඇවැත් වේ.
5. සුවඳින් පෑයෙන් යුතු උලනුයෙන් නහන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: සනහා නම් පියෝහි දුකුළා වෙයි, සැනහූ කල්හි පචිති ඇවැත් වේ.
6. සුවඳ කවන ලද තලසුන්නෙන් නහන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: සනහා නම් පියෝහි දුකුළා වෙයි, සැනහූ කල්හි පචිති ඇවැත් වේ.