2. කතාපත්තිවාරය
2. 1.
පාරාජික කාණ්ඩය
1. කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක් හුගේ කාසසඟය ඉවසන්නී කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හු ගේ කාසසඟය ඉවසන්නී තුන් ඇවැතකට පැමිණෙයි: අකු ඇටයෙන් යට දණ මඬලින් උඩ ගැණීම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි, අකු ඇටයෙන් උඩ දණ මඬලෙන් යට ගැණීම ඉවසා නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැඳියක් ගැණීම ඉවසා නම් දුකුළා ඇවැත් වේ. කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන්නී මේ තුන් ඇවැතට පැමිණේ.
2. වරද වසන මෙහෙණ වරද වසන්නී කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: වරද වසන මෙහෙණ වරද වසන්නී තුන් ඇවැතකට පැමිණෙයි: දැන දැන පරිජි ඇවැත වසා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇතියා වසා නම් ථුලැසි ඇවැත් වෙයි, ආචාරවිපත්තිය වසා නම් දුකුළා ඇවැත් වේ. වරද වසන මෙහෙණ වරද වසන්නී මේ තුන් ඇවැතට පැමිණේ.
3. උඛෙව්නීකම් කරණු ලැබූ මහණහු අනුවැ වැටෙන මෙහෙණ තුන්යළ තෙක් සමනුභාසනකම් කළ කල්හි එය නොහරින්නී කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: උඛෙව්නීකම් කරණු ලැබූ මහණහු අනුවැ වැටෙන මෙහෙණ තුන්යළ තෙක් සමානුභාසන කම් කළ කල්හි එය අත්නොහරින්නී තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසීහු වෙති. කම්වදන් අවසන්හි පරිජි ඇවැත් වේ. උඛෙව්නීකම් කරණු ලැබූ මහණහු අනුවැ වැටෙන මෙහෙණ තුන්යළ තෙක් සමානුභාසනකම් කළ කල්හි එය නො හරින්නී මේ තුන් ඇවැතට පැමිණේ.
4. අෂ්ටම වස්තුව සම්පූර්ණ කරන්නී කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අෂ්ටම වස්තුව සම්පූර්ණ කරන්නී තුන් ඇවැතකට පැමිණෙයි: පුරුෂයකු විසින් මෙනම් තැනට එවයි කියන ලද්දී යේ නම් දුකුළා ඇවැත් වෙයි. පුරුෂයක්හුගේ අත්පසට පැමිණි කල්හි ථුලැසි ඇවැත් වෙයි, කය එළවීම් සඞ්ඛ්යාත අෂ්ටම වස්තුව සම්පූර්ණ කෙරේ නම් පරිජි ඇවැත් වේ. අෂ්ටම වස්තුව සම්පූර්ණ කරණ මෙහෙණ මේ තුන් ඇවැතට පැමිණේ.
පරිජි නිමි.
2. 2.
සඞ්ඝාදිශේෂ කාණ්ඩය
1. විවාද කරණ මෙහෙණ අධිකරණ කරන්නී තුන් ඇවැතකට පැමිණෙයි: එකක්හට සැළ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, දෙවැන්නක් හට සැළ කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි. අධිකරණය අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
2. සෙරක උපසපන් කරණ මෙහෙණ තුන් ඇවතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
3. එකලාව අන් ගමකට යන්නී තුන් ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි. පළමු පියවර පරික්ෂේපය ඉක්මවා නම් ථුලැසි ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් සඟවෙසෙස් ඇවැත් වේ.
4. සමග සඟහු විසින් ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙව්නීකම් කළ මෙහෙණකට කාරකසඞ්ඝයා නොපිළිවිස ගණයාගේ අදහස නො දැන ඔසාරණකම් කරන්නී තුන් ඇවතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම් වදන් අවසන්හි සඟ වෙසෙස් ඇවැත් වේ.
5. මෙවුන්දම් රායෙන් තෙත් වූ මෙහෙණ මෙවුන්දම් රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳන්නී තුන් ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි වළඳන්නෙමි” යි පිළිගණී නම් ථුලැසි ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි සඟ වෙසෙස් ඇවැත් වෙයි. දිය හා දැහැටි පිළිගණී නම් දුකුළා ඇවැත් වේ.
6. “ආර්ය්යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ මෙවුන්රාගයෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තිට කුමක් කෙරේද, යම් හෙයකින් තෝ මෙවුන්රාගයෙන් නො තෙත් වූයෙහි ද එබැවින් ආර්ය්යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ තිට යම් කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ දේ නම් තෝ එය සියතින් පිළිගෙණ කව හෝ වළඳව” හෝ යි මෙහෙයවන්නී තුන් ඇවැතකට පැමිණෙයි. ඇය ගේ වචනයෙන් “කන්නෙමි වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි ථුලැසි ඇවැත් වෙයි, වළඳා අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
7. කිපියාවූ මෙහෙණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (වරද) නො හරින්නී තුන් ඇවැතකට පැමිණෙ: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
8. කිසියම් අධිකරණයෙක්හි පැරැදවූ මෙහෙණ තුන්යළතෙක් සමනුභාසනකම් කරණ කල්හි (වරද) නො හරින්නී තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවහීන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
9. ගිහි මිනිසුන් හා එක්වූ තුන් යළ තාක් සමනුභාසනකම් කරණ කල්හි (වරද) නො හරනාවූ මෙහෙණහු තුන් ඇවැතකට පැමිණෙති: ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
10. “ආර්ය්යාවෙනි, තෙපි ගිහි මිනිසුන් හා එක්ව ම වාසය කරවු, තෙපි වෙන්ව නො වසවු” කියා මෙහෙයවන මෙහෙණ තුන්යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි (වරද) නො හරින්නී තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
සඟවෙසෙස් නිමි.