4. 9.
1. කුඩ වහන් දරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි, දැරූ කල්හි පචිති ඇවැත් වේ.
2. යානයෙන් යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: යේ නම් පියෝහි දුකුළා වෙයි, ගිය කල්හි පචිති ඇවැත් වේ.
3. හිණ පළඳනාවක් දරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි, දැරූ කල්හි පචිති ඇවැත් වේ.
4. ඉතිරි අබරණ පළඳින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දරා නම් පියෝහි දුකුළා වෙයි, දැරූ කල්හි පචිති ඇවැත් වේ.
5. සුවඳින් පෑයෙන් යුතු උලනුයෙන් නහන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: සනහා නම් පියෝහි දුකුළා වෙයි, සැනහූ කල්හි පචිති ඇවැත් වේ.
6. සුවඳ කවන ලද තලසුන්නෙන් නහන මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: සනහා නම් පියෝහි දුකුළා වෙයි, සැනහූ කල්හි පචිති ඇවැත් වේ.
7. මෙහෙණක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උලවා නම් පියෝහි දුකුළා වෙයි, ඉලවූ කල්හි පචිති ඇවැත් වේ.
8. සික්මනුවක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උලවා නම් පියෝහි දුකුළා වෙයි, ඉලවූ කල්හි පචිති ඇවැත් වේ.
9. හෙරණියක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උලවා නම් පියෝහි දුකුළා වෙයි, ඉලවූ කල්හි පචිති ඇවැත් වේ.
10. ගැහැණියක ලවා ඇඟ උලවන පිරිමදවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උලවා නම් පියෝහි දුකුළා වෙයි, ඉලවූ කල්හි පචිති ඇවැත් වේ.
11. මහණක්හු ඉදිරියෙහි නො පිළිවිස ආසනයෙහි හිඳින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි; හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
12. අවසර නො ලත් මහණක්හුගෙන් පැන පිළිවිසින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිවිසී නම් පියෝහි දුකුළා වෙයි, පුළුවුත් කල්හි පචිති ඇවැත් වේ.
13. කිසිලිපටින් තොර වැ ගම්වදනා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පියවර පරික්‍ෂේපය ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
නවවන ඡත්තුපාහන වර්‍ග යි.
නව වර්‍ග ක්‍ෂුද්‍රකයෝ නිමියහ.
2. 5.
පාටිදේසනීය කාණ්ඩය
1. ගිතෙල් විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
2. තලතෙල් විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන් නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
3. මී විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.