4. 7.
1. ගැබිනියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
2. කිරි පොවන්නිය උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
3. දෙ වසක් සවැදෑරුම් ධර්මයන්හි නො හික්මුනු සිඛ ඇති සික්මනුව උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
4. මෙහෙණ සඟහු විසින් සම්මත කරණ ලද දෙ වසක් සවැදෑරුම් ධර්මයන්හි හික්මුනු සිඛ ඇති සික්මනුව උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
5. පුරුෂ සමාගමයට පැමිණි නො පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
6. පිරිපුන් දොළොස්වස් ඇති දෙ වසක් සවැදෑරුම් ධර්මයන්හි නොහික්මුනු සිඛ ඇති පුරුෂ සමාගමයට පැමිණියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
7. පිරිපුන් දොළොස් වස් ඇති දෙ වසක් සවැදෑරුම් ධර්මයන්හි හික්මුනු සිඛ ඇති මෙහෙණසඟුන් විසින් සම්මත නො කරණ ලද පුරුෂ සමාගමයට පැමිණියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
8. සද්ධිවිහාරිණිය උපසපන් කොට දෙ වසක් (උද්දේස දානාදීන්) සඞ්ග්රහ නො කරණ අනුන් ලවා ද සඞ්ග්රහ නො කරවන මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
9. තමා උපසපන් කරවූ උපාද්ධ්යාය භික්ෂුණියට දෙවසක් උවැටන් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
10. සද්ධිවිහාරිණිය උපසපන් කරවා කැඳවා ගෙණ නො යන කැඳවා ගෙණ යනු පිණිස අනෙකක්හට නියෝග නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
සත්වන ගබ්භිනී වර්ග යි.
4. 8.
1. උනු විසිවස් ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
2. පිරිපුන් විසිවස් ඇති දෙ වසක් සවැදෑරුම් ධර්මයන්හි නොහික්මුනු සිඛ ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
3. පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් ධර්මයන්හි හික්මුනු සිඛ ඇති මෙහෙණසඟුන් විසින් සම්මත නො කරණ ලද කුමරියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
4. උනු දොළොස්වස් ඇති වැ උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
5. මෙහෙණසඟුන් විසින් සම්මත නො කරණ ලදුව පිරිපුන් දොළොස්වස් ඇති වැ උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
6. ආර්ය්යාව, තොපගේ උපසපන් කරවීමෙන් කම්නැතැයි කියනු ලබන්නී මැනැවැයි ගිවිස පසුව දොස් පහළ කරණ බවට පැමිණෙන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දොස් පහළ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, දොස් පහළ කළ කල්හි පචිති ඇවැත් වේ.
7. ආර්ය්යාව, ඉදින් තෙපි මට සිවුරක් දෙන්නහු නම් එකල්හි මම තොප උපසපන් කරවමියි, හික්මනුවකට කියා නොම උපසපන් කරවන උපසපන් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.