4. 5.
1. රජුගේ ක්රිඩාගාරයක් හෝ චිත්රාගාරයක් හෝ උපවනයක් හෝ ක්රිඩොද්යානයක් හෝ ක්රීඩා පුෂ්කරීණියක් හෝ දක්නට යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි, යම් තැනෙක සිටියා බලා නම් පචිති ඇවැත් වේ.
2. දික් හඟලා පුටුවක් හෝ පලඟක් හෝ පරිභෝග කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පරිභෝග කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පරිභෝග කළ කල්හි පචිති ඇවැත් වේ.
3. හූ කටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: හූ කටී නම් පියෝහි දුකුළා වෙයි, හූ වතෙක්හි හූ වතෙක්හි පචිති ඇවැත් වේ.
4. ගිහියනට මෙහෙවර කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: මෙහෙ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, මෙහෙ කළ කල්හි පචිති ඇවැත් වේ.
5. මෙහෙණක විසින් “එව ආර්ය්යාව, මේ අධිකරණය සන්හිඳුවන්නැ” යි කියනු ලබන්නී “මැනැවැ” යි පිළිගෙණ නො ම සන්හිඳුවන්නී සන්හිඳුවීමට උත්සාහ නො කරන්නී එක් ම පචිති ඇවැතට පැමිණේ.
6. ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ සියතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ දෙන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දේ නම් පියෝහි දුකුළා වෙයි, දුන් කල්හි පචිති ඇවැත් වේ.
7. අවස් සිවුරක් නොදී පරිභෝග කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිරිබෝ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පරිභෝග කළ කල්හි පචිති ඇවැත් වේ.
8. (දොර කවුළු තැබූ) සෙනස්නක් (රක්නා පිණිස) නොදී සැරිසරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පියවර පරික්ෂේපය ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවැනි පියවර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
9. තිරශ්චීන විද්යාව පුහුණු කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පුහුණු කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වේ.
10. තිරශ්චීන විද්යාව හදාරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: හදාරවා නම් පියෝහි දුකුළා වෙයි, පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වේ.
පස්වන චිත්රාගාර වර්ග යි.
4. 6.
1. දැන දැන මහණුන් ඇති අරමකට නො පිළිවිස පිවිසෙන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පියවර පරික්ෂේපය ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
2. මහණක්හට ආක්රෝශ කරණ අවමන් කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ආක්රෝශ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, ආක්රෝශ කළ කල්හි පචිති ඇවැත් වේ.
3. සැඬ බැවින් මෙහෙණ ගණයාහට අවමන් කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අවමන් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අවමන් කළ කල්හි පචිති ඇවැත් වේ.
4. නිමතන ලදුව හෝ පවරණ ලදුව හෝ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.
5. කුල මසුරුබව කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: මසුරුබව කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, මසුරුබව කළ කල්හි පචිති ඇවැත් වේ.