2. 2.
සඞ්ඝාදිශේෂ කාණ්ඩය
1. විවාද කරණ මෙහෙණ අධිකරණ කරන්නී තුන් ඇවැතකට පැමිණෙයි: එකක්හට සැළ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, දෙවැන්නක් හට සැළ කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි. අධිකරණය අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
2. සෙරක උපසපන් කරණ මෙහෙණ තුන් ඇවතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
3. එකලාව අන් ගමකට යන්නී තුන් ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි. පළමු පියවර පරික්‍ෂේපය ඉක්මවා නම් ථුලැසි ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් සඟවෙසෙස් ඇවැත් වේ.
4. සමග සඟහු විසින් ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙව්නීකම් කළ මෙහෙණකට කාරකසඞ්ඝයා නොපිළිවිස ගණයාගේ අදහස නො දැන ඔසාරණකම් කරන්නී තුන් ඇවතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම් වදන් අවසන්හි සඟ වෙසෙස් ඇවැත් වේ.
5. මෙවුන්දම් රායෙන් තෙත් වූ මෙහෙණ මෙවුන්දම් රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳන්නී තුන් ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි වළඳන්නෙමි” යි පිළිගණී නම් ථුලැසි ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි සඟ වෙසෙස් ඇවැත් වෙයි. දිය හා දැහැටි පිළිගණී නම් දුකුළා ඇවැත් වේ.
6. “ආර්‍ය්‍යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ මෙවුන්රාගයෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තිට කුමක් කෙරේද, යම් හෙයකින් තෝ මෙවුන්රාගයෙන් නො තෙත් වූයෙහි ද එබැවින් ආර්‍ය්‍යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ තිට යම් කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ දේ නම් තෝ එය සියතින් පිළිගෙණ කව හෝ වළඳව” හෝ යි මෙහෙයවන්නී තුන් ඇවැතකට පැමිණෙයි. ඇය ගේ වචනයෙන් “කන්නෙමි වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි ථුලැසි ඇවැත් වෙයි, වළඳා අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
7. කිපියාවූ මෙහෙණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (වරද) නො හරින්නී තුන් ඇවැතකට පැමිණෙ: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
8. කිසියම් අධිකරණයෙක්හි පැරැදවූ මෙහෙණ තුන්යළතෙක් සමනුභාසනකම් කරණ කල්හි (වරද) නො හරින්නී තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවහීන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
9. ගිහි මිනිසුන් හා එක්වූ තුන් යළ තාක් සමනුභාසනකම් කරණ කල්හි (වරද) නො හරනාවූ මෙහෙණහු තුන් ඇවැතකට පැමිණෙති: ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
10. “ආර්‍ය්‍යාවෙනි, තෙපි ගිහි මිනිසුන් හා එක්ව ම වාසය කරවු, තෙපි වෙන්ව නො වසවු” කියා මෙහෙයවන මෙහෙණ තුන්යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි (වරද) නො හරින්නී තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
සඟවෙසෙස් නිමි.