4. 7.
1. ගැබිනියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු ගැබිනියක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
2. කිරි පොවන්නිය උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු කිරි පොවන්නිය උපසපන් කරවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
3. දෙවසක් සවැදෑරුම් ධර්මයන්හි නො හික්මුනු සිඛ ඇති සික්ඛමානාව උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු දෙවසක් සවැදෑරුම් ධර්මයන්හි නො හික්මුනු සිඛ ඇති හික්මනුව උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
4. මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද්දා වූ දෙවසක් සවැදෑරුම් ධර්මයන්හි හික්මුනු සිඛ ඇති සික්ඛමානාව උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද්දාවූ දෙවසක් සවැදෑරුම් ධර්මයන්හි හික්මුනු සිඛ ඇති හික්මනුව උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
5. ගිහීගත පැමිණි නො පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු උනුදොළොස්වස් ඇති පුරිසන්තරගත වූවක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
6. දෙවසක් සවැදෑරුම් ධර්මයන්හි නො හික්මුනු සිඛ ඇති පුරිසන්තරගත පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු දෙවසක් සවැදෑරුම් ධර්මයන්හි නො හික්මුනු සිඛ ඇති පුරිසන්තරගත පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
7. මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද දෙවසක් සවැදෑරුම් ධර්මයන්හි හික්මුනු සිඛ ඇති පුරිසන්තරගත පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද දෙවසක් සවැදෑරුම් ධර්මයන්හි හික්මුනු සිඛ ඇති පුරිසන්තරගත පිරිපුන් දොළොස්වස් ඇතියක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
8. සද්ධිවිහාරිණිය උපසපන් කරවා දෙවසක් (උද්දේසදානාදීන්) සඞ්ග්රහ නො කරණ අනුන් ලවා සඞ්ග්රහ නො කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: චුල්ලනන්දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: චුල්ලනන්දා මෙහෙණ සද්ධිවිහාරිණියක උපසපන් කරවා දෙවසක් නො ම සඞ්ග්රහ කළා යැ. අනුන් ලවා ද සඞ්ග්රහ නො කරවූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්ෂේපයෙහි යැ. ...
9. තමා උපසපන් කරවූ උපාද්ධ්යාය භික්ෂුණියට දෙවසක් උවටන් නො කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු තමන් උපසපන් කරවූ උපාද්ධ්යාය භික්ෂුණියට දෙවසක් උවටන් නො කළාහුයැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: පඨමපාරාජිකසමුට්ඨාන යෙහි. ...
10. සද්ධිවිහාරිණිය උපසපන් කරවා තමා කැඳවා ගෙණ නො යන කැඳවා ගෙණ යෑමට අනෙකක්හට නියෝග නො කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: චුල්ලනන්දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: චුල්ලනන්දා මෙහෙණ සද්ධිවිහාරණිය උපසපන් කරවා නො ම කැඳවා ගෙණ ගියා යැ, කැඳවා ගෙණ යනු පිණිස අනුන්ට නියෝග ද නො කළා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්ෂේපයෙහි යැ. ...
සත්වන ගබ්භිනී වර්ග යි.