4. 8.
1. උනු විසිවස් ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු උනුවිසිවස් ඇති කුමරියක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහියැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
2. දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි නො හික්මුනු සිඛ ඇති පිරිපුන් විසිවස් ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි නො හික්මුනු සිඛ ඇති පිරිපුන් විසිවස් ඇති කුමරියක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
3. මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති පිරිපුන් විසිවස් ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබයැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද දෙවසක් සවැදෑරුම් ධර්‍මයන්හි හික්මුනු සිඛ ඇති පිරිපුන් විසිවස් ඇති කුමරියක උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
4. උනුදොළොස්වස් ඇති වැ උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු උනුදොළොස්වස් ඇති වැ උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
5. මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණලදු වැ පිරිපුන් දොළොස්වස් ඇති වැ උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබයැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු මෙහෙණ සඟුන් විසින් සම්මත නො කරණ ලද්දාහු පිරිපුන් දොළොස්වස් ඇත්තාහු උපසපන් කරවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි. ...
6. ආර්‍ය්‍යාවනි, තොප විසින් උපසපන් කරවීමෙන් කම් නැතැයි කියනු ලබන්නී මැනැවැයි ගිවිස පසුව දොස් පහළ කරණ බවට පැමිණෙන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: චණ්ඩකාළි මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: චණ්ඩකාළි මෙහෙණ “ආර්‍ය්‍යාවනි, තොප විසින් උපසපන් කරවීමෙන් කම් නැතැ” යි කියනු ලබන්නී “මැනැවැ” යි ගිවිස පසුව දොස් පහළ කරණ බවට පැමිණියා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
7. සික්ඛමානාවකට “ආර්‍ය්‍යාව, ඉදින් තෙපි මට සිවුරක් දෙන්නහු නම් එ කල්හි මම තොප උපසපන් කරවන්නෙමි” යි කියා නො ම උපසපන් කරවන්නාවූ ද උපසපන් කරවීමෙහි වෑයම් නො කරන්නාවූ ද මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොහි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබයැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ සික්මනුවකට “ආර්‍ය්‍යයාව, ඉදින් තෙපි මට සිවුරක් දෙන්නහු නම් එ කල්හි මම තොප උපසපන් කරවන්නෙමි” කියා නො ම උපසපන් කරවූ, උපසපන් කරවීම පිණිස වෑයම් ද නො කළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
8. “ආර්‍ය්‍යාව, ඉදින් තෙපි දෙවසක් මා අනුවැ වැටෙහු නම් එකල්හි මම උපසපන් කරවන්නෙමි.” යි සික්මනුවකට කියා නොම උපසපන් කරවන්නාවූ ද උපසපන් කරවීමට වෑයම් නො කරවන්නාවූ ද මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ “ආර්‍ය්‍යාව, ඉදින් තෙපි දෙවසක් මා අනුවා වැටෙහු නම් එකල්හි මම තොප උපසපන් කරවන්නෙමි” යි සික්මනුවකට කියා නො ම උපසපන් කරවූ යැ, උපසපන් කරවීමට වෑයම් ද නොකළා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
9. පිරිමින් හා එක්වූ කුමරුවන් හා එක්වූ සැඬ වූ ශෝක ඇති කරන්නාවූ සික්මනු වක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ පිරිමින් හා එක්වූ කුමරුවන් හා එක්වූ සැඬවූ ශෝක ඇති කරන්නාවූ හික්මනුවක උපසපන් කරවූයැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
10. මාපියන් විසින් හෝ හිමියා විසින් හෝ නො අනුදත් හික්මනුවක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහිදි පණවන ලදී. කවරක ඇරැබයැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තු යෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මා පියන් විසින් ද හිමියා විසින් ද නො අනුදත් හික්මනුවක උපසපන් කරවූ යැ. ඒ වස්තුයෙහි යැ, පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟියි: කිසිවිටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
11. පාරිවාසිකව ඡන්‍දය දීමෙන් හික්මනුවක උපසපන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතන්හි පණවන ලද යැ යත්: රජගහනුවරැදි පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ පාරිවාසික ඡන්‍දය දීමෙන් හික්මනුවක උපසපන් කරවූ යැ. ඒ වස්තුයෙහියැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: …