4. 6.
1. දැන දැන මහණුන් ඇති අරමකට නො පිළිවිස පිවිසෙන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු නො පිළිවිස අරමකට පිවිසියහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති දෙකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: ධුරනික්ෂේපයෙහි යැ. ...
2. මහණක්හට ආක්රෝශ කරණ අවමන් කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: විසල් පුරයෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමෙහෙණහු ආයුෂ්මත් උපාලි තෙරුන්ට ආක්රෝශ කළහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
3. සැඬ බැවින් යුතු වැ මෙහෙණ ගණයාහට අවමන් කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්දා මෙහෙණ සැඬ බැවින් යුතු වැ මෙහෙණගණයාහට අවමන් කළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
4. කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ අකැප නිමන්ත්රණයෙන් නිමන්ත්රණය කරණ ලදුව හෝ පවරණ ලදුව හෝ අන් තැනෙක්හි වළඳන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු වළඳා නිමියාහු පවරණ ලද්දාහු අන් තැනෙකැ වැළඳූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟියි: ...
5. කුලමසුරුබව කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මෙහෙණක් කුලමසුරුවූවා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: …
6. මහණුන් නැති ආවාසයෙහි වස් වසන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු මහණුන් නැති ආවාසයෙහි වස් විසූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමසමුට්ඨාන යෙහි යැ. …
7. උභතෝ සඞ්ඝයා කෙරෙහි දිට්ඨ සුත පරිසඞ්කිත යන කරුණු තුණින් නො පවරන්නා වූ වස් විසූ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු වස් විසූවාහු භික්ෂුණී සඞ්ඝයා කෙරෙහි නො පැවරූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්ෂේපයෙහි යැ. …
8. අවවාද අසනු පිණිස හෝ පොහෝ පවුරුණු විචාරණු පිණිස හෝ නො යන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්ය දනවුහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමෙහෙණහු අවවාද අසන්නට නො ගියහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: පඨම පාරාජිකසමුට්ඨානයෙහි යැ. …
9. පෙහෙවස් දිනය නො විචාරන්නාවූ ද අවවාදය නො යදින්නා වූ ද මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු පෙහෙවස් දිනය ද නො පිළිවිසියහ, අවවාදය ද නො යැදූහ. ඒ වස්තු යෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්ෂේපයෙහි යැ. ...