4. 5.
1. රජුගේ ක්රීඩාගාරයක් හෝ චිත්රාගාරයක් හෝ උපවනයක් හෝ ක්රිඩොද්යානයක් හෝ කිඩා පුෂ්කරීණියක් හෝ දක්නට යන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මෙහෙණහු රජුගේ ක්රිඩාගාරය ද චිත්රාගාරය ද දැකීමට ගියහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමසමුට්ඨාන යෙහි යැ. …
2. දික්හඟලාපුටුවක් හෝ පාදයෙහි ව්යාලරූප නඟා කළ පලගක් හෝ පිරිබෝ කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණෝ දික්හඟලා පුටුව ද පලඟ ද පිරිබෝ කළහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. …
3. හූ කටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත් සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මෙහෙණහු හූ කැටූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. ...
4. ගිහියනට මෙහෙවර කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු ගිහියනට මෙහෙවර කළහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. ...
5. මෙහෙණන් විසින් “එව ආර්ය්යාව, මේ අධිකරණය සන්හිඳුවන්නැ” යි කියනු ලබන කල්හි “මැනැවැ” යි ගිවිස නො ම සන්සිඳුවන සන්හිඳුවීමට වෑයම් නොකරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්දා මෙහෙණ මෙහෙණන් විසින් “එව ආර්ය්යාව, මේ අධිකරණය සන්හිඳුවන්නැ” යි කියනු ලබන්නී මැනැවැයි ගිවිස නො සන්හිඳවූ යැ සන්හිඳුවීමට වෑයම් ද නො කළා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්ෂේපයෙහි යැ. ...
6. ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ සියතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ දෙන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්දා මෙහෙණ සියතින් ගිහියකුට කෑයුතු දැය ද බිදියයුතු දය ද දුන. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ.
7. අවස් සිවුරක් නො දී පිරිබෝ කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්දා මෙහෙණ අවස් සිවුරක් නො දී පිරිබෝ කළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨාන යෙහි යැ. ...
8. (දොරකවුළු තැබූ) සෙනස්නක් (රක්නා පිණිස) නො දී සැරිසැරීමට යන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්දා මෙහෙණ (දොර කවුළු තැබූ) සෙනස්නක් (රක්නා පිණිස) නො දී සැරි සැරීමට ගියා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙහි යැ. ...
9. තිරශ්චීනවිද්යාව පුහුණු කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමෙහෙණහු තිරශ්චීනවිද්යාව පුහුණු කළහු, ඒ වස්තුයෙහි යැ, පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: පදසෝධම්මසමුට්ඨානයෙහි යැ. ...
10. තිරශ්චීන විද්යාව හදාරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමෙහෙණහු (පරූපඝාතක) තිරශ්චීන විද්යාව හැදැරැවූහු, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: පදසෝධම්මසමුට්ඨානයෙහි යැ. ...
පස්වන චිත්තාගාරවර්ග යි.
4. 6.
1. දැන දැන මහණුන් ඇති අරමකට නො පිළිවිස පිවිසෙන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු නො පිළිවිස අරමකට පිවිසියහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති දෙකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: ධුරනික්ෂේපයෙහි යැ. ...
2. මහණක්හට ආක්රෝශ කරණ අවමන් කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: විසල් පුරයෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමෙහෙණහු ආයුෂ්මත් උපාලි තෙරුන්ට ආක්රෝශ කළහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
3. සැඬ බැවින් යුතු වැ මෙහෙණ ගණයාහට අවමන් කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්දා මෙහෙණ සැඬ බැවින් යුතු වැ මෙහෙණගණයාහට අවමන් කළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...