4. 4.
1. එක් හැඳෙහි හොවින මෙහෙණන් දෙනමක් පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු දෙනම දෙනම එක ඇඳෙහි ශයනය කළහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝම සමුට්ඨානයෙහි. …
2. එක් ම ඇතිරි පොරෝනා ඇති යහන්හි හෝනා මෙහෙණන් දෙනමක් පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු දෙනම දෙනම එක් ම ඇතිරී පොරෝනා, ඇති යහන්හි ශයනය කළහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. …
3. දැන දැන මෙහෙණක්හට නො පහසුබව කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්දා මෙහෙණ මෙහෙණක්හට දැන දැන නො පහසුබව කළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
4. ගිලන් වූ සද්ධිවිහාරිණියකට නො ම උවැටන් කරණ උවැටන් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්දා මෙහෙණ ඇරැබ ය.
කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්දා මෙහෙණ ගිලන් වූ සද්ධිවිහාරිණියකට නො ම උවැටන් කළා යැ, උවැටන් කරවීමට වෑයම් ද නො කළා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්ෂේපයෙහි යැ. ...
5. මෙහෙණක්හට නිවහනක් දී කිපී නො සතුටු සිත් ඇතිවැ (ඇය) ඉන් බැහැර කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්; ථුල්ලනන්දා මෙහෙණ මෙහෙණක්හට නිවහනක් දී කිපී නො සතුටුසිත් ඇත්තී (ඇය) ඉන් බැහැර කළා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: …
6. තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි නො හරිණ ගිහිසසඟ ඇති මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී: කවරක ඇරැබ යැ යත්: චණ්ඩකාළි මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාළි මෙහෙණ ගිහිසසඟ ඇති වැ වුසූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්ෂේපයෙහි යැ. ...
7. සැක සහිත යැයි දන්නා ලද ප්රතිභය සහිත වූ තමා වසන රටතුළ සත්වාවන් නැති වැ හැසිරෙණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු සැක සහිත යයි දන්නා ලද ප්රතිභය සහිත වූ තමන් වසන රටතුළ සත්වාවන් නැති වැ හැසුරුණාහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝම සමුට්ඨානයෙහි යැ. ...
8. සැක සහිත යැ යි දන්නාලද ප්රතිභය සහිත වූ අන්රටක සත්වාවන් නැතිවැ හැසිරෙණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු සැක සහිතයයි දන්නාලද ප්රතිභය සහිත වූ අන්රටෙක සත්වාවන් නැති ව හැසුරුණාහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝම සමුට්ඨානයෙහි යැ. ...
9. වස්කාලය තුළ සැරිසරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහනුවරැ දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු වස්කාලය තුළ සැරි සැරූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. …
10. සැරිසැරීමට නො යන වුසුවස් ඇති මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහනුවරැ දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මෙහෙණහු වුසූවස් ඇතියාහු නො සැරිසැරූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන එකෙකින් නඟියි: පඨමපාරාජිකසමුට්ඨාන යෙහි යැ. …
සිවුවන තුවට්ට වර්ග යි.