4. 3.
1. නග්න වැ නහන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණෙහු නග්න වැ ස්නානය කළහ. ඒ වස්තුයෙහි යැ පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමසමුට්ඨානයෙනි. …
2. පමණ ඉක්ම වූ දියසළුව කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: සවග මෙහෙණහු පමණ ඉක්මවූ දියසළු දැරූහ. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
3. මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හැර හෝ ගෙත්තම් හරවා හෝ නොම ගෙත්තම් කරණ ගෙත්තම් කිරීමට වෑයම් නො කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හරවා තොමෝ නොම ගෙත්තම් කළා ය. ගෙත්තම් කරවීමට ද වෑයම් නොකළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂෙප යෙහි යැ. …
4. පස් දවසක් පිරිබෝ කිරීම් විසින් හෝ අව්ගැස්සීම් විසින් හෝ සිවුරු පෙරැළීම ඉක්මවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අන් මෙහෙණන් අතැ සිවුරු තබා අඳනය හා පොරෝණයෙන් යුතු වැ දනවු සැරිසැරීමට ගියහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙහි යැ. …
5. පෙරළා දියයුතු සිවුර දරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවනලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් එක්තරා මෙහෙණකගේ සිවුරක් නො පිළිවිස පෙරැවූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම්ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙහි යැ. …
6. මෙහෙණගණයාගේ චීවරලාභයට අනතුරු කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණගණයාගේ චීවරලාභයට අනතුරු කළා යැ. ඒ වස්තුයෙහි යැ පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
7. දැහැමි සිවුරු බෙදීම වළකන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ දැහැමි සිවුරු බෙදීමක් වැළකූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
8. ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ සිවුරක් දෙන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්, ථුල්ලනන්‍දා මෙහෙණ ගිහියකුට සිවුරක් දුන. ඒ වස්තුයෙහි යැ: පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟියි. ...
9. දුර්‍වල වූ චීවරාසායෙන් චීවරකාලසමය ඉක්මවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ දුර්‍වල වූ චීවරාසායෙන් චීවරකාලසමය ඉක්මවූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
10. දැහැමි කෙළින් සිවුර ඉදිරීම වළකන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ දැහැමි කෙළින් සිවුර ඉදිරීම වැළකු. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: …
තුන්වන නහාන වර්‍ග යි.
4. 4.
1. එක් හැඳෙහි හොවින මෙහෙණන් දෙනමක් පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු දෙනම දෙනම එක ඇඳෙහි ශයනය කළහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝම සමුට්ඨානයෙහි. …
2. එක් ම ඇතිරි පොරෝනා ඇති යහන්හි හෝනා මෙහෙණන් දෙනමක් පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු දෙනම දෙනම එක් ම ඇතිරී පොරෝනා, ඇති යහන්හි ශයනය කළහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලොමසමුට්ඨානයෙහි යැ. …
3. දැන දැන මෙහෙණක්හට නො පහසුබව කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණක්හට දැන දැන නො පහසුබව කළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
4. ගිලන් වූ සද්ධිවිහාරිණියකට නො ම උවැටන් කරණ උවැටන් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය.