4. 2.
1. පහන් නැති රෑ අඳුරෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලාව වෙතැ සිටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි යැ යත්: එක්තරා මෙහෙණක් කිසිදු එළියක් නැති රැ අඳුරෙහි එකලා පිරිමියක්හු හා එකලා ව ළං වැ සිටියා ය. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: ථෙය්‍යසත්‍ථකයෙහි ය. ...
2. පිළිසන් පියසෙක්හි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ ළං වැ සිටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී: කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් පිළිසන් පියසෙක්හි එකලා පිරිමියක්හු හා එකලා වැ ළං වැ සිටියා ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: ථෙය්‍යසත්‍ථකයෙහි යැ. ...
3. එළිමහනෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ ළං වැ සිටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් එළිමහනෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ ළං වැ සිටියා ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. ථෙය්‍යසත්‍ථකයෙහි යැ. ...
4. වීථියෙහි හෝ විනිවිද නො ගිය කුඩා වීථියෙහි හෝ සතර මංසන්‍ධියෙහි හෝ එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ වෙතැ සිටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ වීථියෙහි ද විනිවිද නොගිය වීථියෙහි ද සතරමං සන්‍ධියෙහි ද එකලා මිනිස් පිරිමියක්හු හා එකලා ව වෙතැ සිටියා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. ථෙය්‍යසත්‍ථකයෙහි යැ. ...
5. පෙරබත්හි කුලයන්ට එළඹ ආසනයෙහි හිඳ හිමියන් නො පිළිවිස බැහැර යන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් පෙරබත්හි කුලයන්ට එළඹ ආසනයෙහි හිඳ හිමියන් නො පිළිවිස බැහැර ගියා ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනකයෙහි යැ. ...
6. පසුබත්හි කුලයන්ට එළඹැ හිමියන් නො පිළිවිස ආසනයෙහි හිඳින මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ පසුබත්හි කුලයන්ට එළඹ හිමියන් නො පිළිවිස ආසනයෙහි හිඳගතු. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙනි.
7. විකාලයෙහි කුලයන්ට එළඹ හිමියන් නොපිළිවිස ශය්‍යාවක් අතුරා හෝ අතුරුවා හෝ හිඳින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු විකාලයෙහි කුලයන්ට එළඹ හිමියන් නො පිළිවිස ශය්‍යාවක් අතුරා හුන්හ. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. කඨිනසමුට්ඨානයෙනි. …
8. නපුරු කොට ගැණීමෙන් නපුරු කොට දැරීමෙන් මෙරමාහට අවමන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් නපුරු කොට ගැණීමෙන් නපුරු කොට දැරීමෙන් මෙරමාහට අවමන් කරවූ. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි. …
9. තමාට හෝ අන් උපසපන් මෙහෙණකට හෝ නිරයෙන් හෝ බඹසරින් හෝ සාපකරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබයැ යත්: චණ්ඩකාළි මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාළි මෙහෙණ තමහට ද අන් උපසපන් මෙහෙණකට ද නිරයෙන් ද බඹසරින් ද සාප කළා ය. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි. ...
10. තමහට පැහැර හඬන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: චණ්ඩකාළි මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාළී මෙහෙණ තමහට පැහැර පැහැර හැඬු. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
දෙවන රත්තන්‍ධකාර වර්‍ග යි.