සමුට්ඨානය
1. සතර පරිජි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: සතර පරිජි තුන් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නැඟිය හෙයි, වචනයෙන් නො නැඟිය හේ. වචනයෙන් ද සිතින් ද නැඟිය හෙයි, කයින් නො නැඟිය හේ. කයින් ද වචනයෙන් ද සිතින් ද නැගිය හේ.
2. තෙළෙස් සඟවෙසෙස් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තෙළෙස් සඟවෙසෙස් සමුට්ඨාන සයෙන් නඟියි: කිසිවිටෙක කයින් නැඟිය හෙයි: වචනයෙන් නොනැඟිය හෙයි, සිතින් නොනැඟිය හේ. කිසිවිටෙක වචනයෙන් නැඟිය හෙයි, කයින් නොනැඟිය හෙයි, සිතින් නොනැඟිය හේ. කිසි විටෙක කයින් ද වචනයෙන් ද නැඟිය හෙයි, සිතින් නොනැඟිය හේ.
[missing trans] කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නැඟිය හෙයි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නැඟිය හේ.
3. දෙ අනියතයෝ කෙතෙක් සමුට්ඨානයෙන් නඟිත් ද යත්: දෙ අනියතයෝ තුන් සමුට්ඨානයෙකින් නඟිති: කිසිවිටෙක කයින් ද සිතින් ද නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නැඟිය හෙති, කයින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නැඟිය හෙත්.
4. තිස් නිසඟිපචිතීහු කෙතෙක් සමුට්ඨානයෙන් නඟිත් ද යත්: තිස් නිසඟිපචිතීහු සමුට්ඨාන සයෙන් නඟිති: කිසිවිටෙක කයින් නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙති, සිතින් නො නැඟිය හෙත්. කිසිවිටෙක වචනයෙන් නැඟිය හෙති, කයින් නො නැඟිය හෙති, සිතින් නොනැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නැඟිය හෙති, සිතින් නොනැඟිය හෙති, කිසිවිටෙක කයින් ද සිතින් ද නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නැගිය හෙති, කයින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නැඟිය හෙත්.
5. දෙයානු පචිතීහු කෙතෙක් සමුට්ඨානයෙන් නඟිත් ද යත්: දෙයානු පචිතීහූ සමුට්ඨාන සයෙන් නඟිති: කිසිවිටෙක කයින් නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙති සිතින් නො නැගිය හෙත්, කිසිවිටෙක වචනයෙන් නැඟිය හෙති, කයින් නො නැඟිය හෙති, සිතින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නැඟිය හෙති, සිතින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද සිතින් ද නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නැඟිය හෙති. කයින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නැඟිය හෙත්.
6. සිවු පිළිදෙස්නීහු කෙතෙක් සමුට්ඨානයෙන් නඟිත් ද යත්: සිවු පිළිදෙස්නීහු සිවු සමුට්ඨානයෙකින් නඟිති: කිසිවිටෙක කයින් නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙති, සිතින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නැඟිය හෙති, සිතින් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද සිතින් ද නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නැඟිය හෙත්.
7. පන් සැත්තෑ සෙබියාවෝ කෙතෙක් සමුට්ඨානයෙන් නඟිත් ද යත්: පන් සැත්තෑ සේඛියාවෝ තුන් සමුට්ඨානයෙකින් නඟිති, කිසිවිටෙක කයින් ද සිතින් ද නැඟිය හෙති, වචනයෙන් නො නැඟිය හෙත්. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නැඟිය හෙති, කයින් නො නැඟිය හෙත්, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නැඟිය හෙත්.
සමුට්ඨානය නිමි.
එහි නාමාවලිය:
අචිත්තක යැ කුසල යැ සමුට්ඨාන යැ සර්‍වප්‍රකාරයෙන් ධර්‍මය වූ පරිද්දෙන් න්‍යාය වූ පරිද්දෙන් සමුට්ඨානය දැන ගණිවු.