සමුට්ඨානය
සතර පරිජි
1. ඇවැතෙක් ඇත, අචිත්තක වැ අවදී, සචිත්තක වැ නැගෙයි, ඇවැතෙක් ඇත සචිත්තක වැ අවදී, අචිත්තක වැ නැගෙයි, ඇවැතෙක් ඇත, අචිත්තක වැ අවදී, අචිත්තක වැ නැගෙයි, ඇවැතෙක් ඇත, සචිත්තක වැ අවදී, සචිත්තක වැ නැගෙයි, ඇවැතෙක් ඇත, කුසල්සිත් ඇති වැ අවදී, කුසල්සිත් ඇතිවැ නැඟෙයි, ඇවැතෙක් ඇත, කුසල්සිත් ඇති වැ අවදී, අකුසල් සිත් ඇති වැ නැඟෙයි, ඇවැතෙක් ඇත, කුසල් සිත් ඇති වැ අවදී, අව්යාකෘත සිත් ඇති වැ නැඟෙයි, ඇවැතෙක් ඇත, අකුසල්සිත් ඇති වැ අවදී, කුසල් සිත් ඇති වැ නැගෙයි, ඇවතෙක් ඇත, කුසල් සිත් ඇති වැ අවදී, අකුසල් සිත් ඇති වැ නැගෙයි, ඇවැතෙක් ඇත, අකුසල් සිත් ඇති වැ අවදී, අව්යාකෘත සිත් ඇති වැ නැඟෙයි, ඇවැතෙක් ඇත, අව්යාකෘත සිත් ඇති වැ අවදී, කුසල් සිත් ඇති වැ නැඟෙයි, ඇවැතෙක් ඇත, අව්යාකෘත සිත් ඇති වැ අවදී, අකුසල් සිත් ඇති වැ නැගෙයි, ඇවැතෙක් ඇත, අව්යාකෘතසිත් ඇතිවැ අවදී, අව්යාකෘත සිත් ඇති වැ නැඟෙයි.
2. පළමු පරිජිය කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: පළමු පරිජිය එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
3. දෙවන පරිජිය කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: දෙවන පරිජිය තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී, කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
4. තෙවන පරිජිය කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තෙවන පරිජිය තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී, කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
5. සිවුවන පරිජිය කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: සිවුවන පරිජිය තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟි. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟි, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
සතර පරිජි නිමි.
තෙළෙස් සඟවෙසෙස්
1. උපක්රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: උපක්රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් නඟියි, වචනයෙන් නො නඟී.
2. මාගමක හා කාසසඟයට පැමිණෙන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නගී ද යත්: මාගමක හා කාසසඟයට පැමිණෙන්නහු පිළිබඳ සඟ වෙසෙස එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
3. මාගමකට තුළුල් තෙපුල් කියන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මාගමකට තුළුල් තෙපුල් කියන්නහු පිළිබඳ සඟවෙසෙස තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
4. මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි ගුණ කියන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි ගුණ කියන්නහු පිළිබඳ සඟවෙසෙස තුන් සමුට්ඨානයෙකින් නඟී. ...
5. මාගමුන් හා පිරිමින් අත හසුන් ගෙණ යනු එනු විසින් හැසිරීම් බවට පැමිණෙන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මාගමුන් හා පිරිමින් අතරැ හසුන් ගෙණ යනු එනු විසින් සංචරිත්තයට පැමිණෙන්නහු පිළිබඳ සඟවෙසෙස සමුට්ඨාන සයෙන් නඟියි: කිසිවිටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී, කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී.
6. තමා ඉල්වාගත් උපකරණයෙන් කුටියක් කරවන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: තමා ඉල්වාගත් උපකරණයෙන් කුටියක් කරවන්නහු පිළිබඳ සඟවෙසෙස සමුට්ඨාන සයෙන් නඟියි: ...
7. මහත් විහාරයක් කරවන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මහත් විහාරයක් කරවන්නහු පිළිබඳ සඟවෙසෙස සමුට්ඨාන සයෙන් නඟියි: ...
8. මහණක්හට අමූලක වූ පරිජි ඇවැතින් චෝදනා කරන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මහණක්හට අමූලක වූ පරිජි ඇවැතින් චෝදනා කරන්නහු පිළිබඳ සඟවෙසෙස තුන් සමුට්ඨානයකින් නඟියි: ...
9. අන්යභාගීය අධිකරණයහුගේ කිසි දේශලේශමාත්රයක් ගෙණ මහණක්හට පරිජි ඇවැතින් චෝදනා කරන්නහු පිළිබඳ සඟවෙසෙස කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: අන්යභාගීය අධිකරණයක්හුගේ කිසි දේශලේශමාත්රයක් ගෙණ මහණක්හට පරිජි ඇවැතින් චෝදනා කරන්නහු පිළිබඳ සඟවෙසෙස තුන් සමුට්ඨානයකින් නඟියි: ...