9. උබ්බාහිකා වර්‍ගය
1. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ තෙමේ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි. කවර පසෙකින යත්: අර්‍ත්‍ථකථාවෙහි දක්‍ෂයෙක් නො වෙයි, පාළියෙහි දක්‍ෂයෙක් නො වෙයි, භාෂාන්තර ව්‍යවහාරයෙහි දක්‍ෂයෙක් නො වෙයි, බ්‍යඤ්ජනයෙහි දක්‍ෂයෙක් නො වෙයි. පෙරැ පසු කථාවෙහි දක්‍ෂයෙක් නො වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි. කවර පසෙකින යත්: අර්‍ත්‍ථකථාවෙහි දක්‍ෂයෙක් වෙයි, පෙළ දහමෙහි දක්‍ෂයෙක් වෙයි. භාෂාන්තර ව්‍යවහාරයෙහි දක්‍ෂයෙක් වෙයි, අක්‍ෂරොව්චාරණ ලෙඛනයෙහි දක්‍ෂයෙක් වෙයි, පෙරැ පසු කථාවෙහි දක්‍ෂයෙක් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි.
2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතුයි. කවර පසෙකින යත්: කිපෙනසුලු වූයේ ක්‍රෝධයෙන් මඩනා ලද්දේ වෙයි, ගුණමකු වූයේ මකු බැවින් මඩනා ලද්දේ වෙයි, යුගග්‍රාහ ඇත්තේ යුගග්‍රාහයෙන් මඩනා ලද්දේ වෙයි, ඊර්‍ෂ්‍යා ඇත්තේ ඊර්‍ෂ්‍යාවෙන් මඩනා ලද්දේ වෙයි, බැහැර ලීමට දුෂ්කර වූ දැඩි වැ අල්වා ගැනීම් ඇත්තා වූ ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි. කවර පසෙකින යත්: නො කිපෙනසුලු වූයේ ක්‍රෝධයෙන් නො මඩනා ලද්දේ වෙයි, ගුණමකු නො වූයේ මකු බැවින් නො මඩනා ලද්දේ වෙයි, යුගග්‍රාහ නැත්තේ යුගග්‍රාහයෙන් නො මඩනා ලද්දේ වෙයි, ඊර්‍ෂ්‍යා නැත්තේ ඊර්‍ෂ්‍යාවෙන් නො මඩනා ලද්දේ වෙයි, සුවසේ බැහැරලීම් ඇත්තේ දැඩි වැ අල්වාගැණුම් නැත්තේ ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි.
3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි. කවර පසෙකින යත්: කිපෙයි, ව්‍යාපාදයට (පියවි බව හැරීමට) පැමිණෙයි, තදබවට පැමිණෙයි, ක්‍රෝධය දනවයි, අනුශාසනාව නුහුරට ගන්නේ නො ඉවසන්නෙක් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි. කවර පසෙකින යත්: නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තදබවට නො පැමිණෙයි, ක්‍රෝධය නො දනවයි, අනුශාසනාව නුහුරට නො ගන්නේ ඉවසන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි.
4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි. කවර පසෙකින යත්: සිහි කොට නො දෙන්නේ (චෝදකචූදිතයන්ගේ කථාව) මුළා කෙරෙයි, අවසර ඉල්වා නො කියන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා නො කරන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් නො කරවන්නේ වෙයි, ලබ්ධිය වූ පරිද්දෙන් ප්‍රකාශ නො කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි. කවර පසෙකින යත්: (චෝදක-චුදිතයන්ගේ කථාව) මුළා නො කරවන්නේ සිහි කොට දෙන්නේ වෙයි, අවසර ඉල්වා කියන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා කරන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් කරවන්නේ වෙයි, ලබ්ධිය වූ පරිද්දෙන් ප්‍රකාශ කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි.
5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, ලජ්ජා නැත්තේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, ලජ්ජා ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි.
6. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතුයි, කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, විනයයෙහි අදක්‍ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත නො කළ යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, විනයයෙහි දක්‍ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උබ්බාහිකායෙන් සම්මත කළ යුතු යි.
7. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සඞ්ඛ්‍යාවට යේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ බාලයෙකැයි සඞ්ඛ්‍යාවට යේ. කවර පසෙකින යත්: සූත්‍රය නො දනී, සූත්‍රානුලෝමය නො දනී, විනය නො දනී, විනයානුලෝමය නො දනී. කරුණු නොකරුණු දෙක්හි දක්‍ෂ නොවේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ බාලයෙක් මැ යි සංඛ්‍යාවට යේ.