10. අධිකරණවූපසම වර්ගය
1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වේ. කවර පසෙකින යත්: ආපත්තිය නො දනියි, ආපත්ති සමුට්ඨානය නො දනියි, ආපත්ති ප්රයෝගය නො දනියි, ආපත්ති ව්යුපශමය නො දනියි, ආපත්ති විනිශ්චය කිරීමෙහි දක්ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: ආපත්තිය දනියි, ආපත්ති සමුට්ඨානය දනියි, ආපත්ති ප්රයෝගය දනියි, ආපත්ති ව්යුපශමය දනියි, ආපත්ති විනිශ්චය කිරීමෙහි දක්ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ, කවර පසෙකින යත්: අධිකරණය නො දනියි, අධිකරණ සමුට්ඨානය නො දනියි, අධිකරණ ප්රයෝගය නො දනියි අධිකරණ ව්යුපශමය නො දනියි, අධිකරණ විනිශ්චයෙහි දක්ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: අධිකරණය දනියි, අධිකරණ සමුට්ඨානය දනියි, අධිකරණ ප්රයෝගය දනියි, අධිකරණ ව්යුපශමය දනියි, අධිකරණ විනිශ්චයෙහි දක්ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වෙයි. කවර පසෙකින යත්: ඡන්දයෙන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, ලජ්ජා නැත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: ඡන්දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, ලජ්ජා ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වේ. කවර පසෙකින යත්: ඡන්දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, අල්පශ්රැතයෙක් ද වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: ඡන්දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, බහුශ්රැතයෙක් ද වේ. උපාලි, මේ අඞ්ගපසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වේ. කවර පසෙකින යත්: වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්රඳප්තිය නො දනියි, පෙරැළි පදය නො දනියි, ගැළපෙන වදන්මග නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ. කවර පසෙකින යත්: වස්තුව දනියි, නිදානය දනියි, ප්රඥප්තිය දනියි, පෙරැළි පදය දනියි, ගැළපෙන වදන්මග දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි වේ.
6. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නිසි නො වේ. කවර පසෙකින යත්: ඡන්දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, විනයෙහි අදක්ෂත් වේ. උපාලි, මේ අඞ්ගපසින් යුක්ත වූ මහණ අධිකරණය සන්හිඳුවන්නට නො නිසි වේ.