11. සඞ්ඝභේදක වර්‍ගය
1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි. ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ පිහිටුවා කර්‍ම කිරීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි දෘෂ්ටිය තර වැ පිහිටුවා උදෙසීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝ භේදකයෙක් වේ.
3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ පිහිටුවා උදෙසීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ සස්නෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ පිහිටුවා අනුශ්‍රාවණයෙන් යැ. උපාලි මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැයි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තරවැ පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ, උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
6. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින පත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, ඉවසීම තර වැ පිහිටුවා කර්‍මයෙන් යැ ... ඉවසීම තර වැ පිහිටුවා උදෙසීමෙන් යැ ... ඉවසීම තර වැ පිහිටුවා බැවහර කරමින් යැ ... ඉවසීම තර වැ පිහිටුවා ඇස්වීමෙන් යා ... ඉවසීම තර වැ පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
7. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, රුචිය තර වැ පිහිටුවා කර්‍මයෙන් යැ ... රුචිය තර වැ පිහිටුවා උදෙසීමෙන් යැ ... රුචිය තර වැ පිහිටුවා බැවහර කරමින් යැ ... රුචිය තර වැ පිහිටුවා ඇස්වීමෙන් යැ ... රුචිය තර වැ පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
8. උපාලි, අනෙකුදු, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පයක් ආයු ඇති පිළියම් නො කටහැකි නිරිසත් වැ අපායෙහි උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි.