12. දුතියසඞ්ඝභේදක වර්‍ගය
1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ කල්පස්ථායී නොවූ නිරිසත් නො වූ පිළියම් කළ හැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ නො පිහිටුවා කර්‍මයෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළ හැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ.
2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැයි දක්වයි, දෘෂ්ටිය තර වැ නො පිහිටුවා උදෙසීමෙන් යැ. උපාලි මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින් ද යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැයි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ නො පිහිටුවා බැවහර කරමින් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි, අපායෙහි නොඋපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ.
4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදන සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ නො පිහිටුවා ඇස්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ.
5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැයි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, දෘෂ්ටිය තර වැ නො පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වේ.
6. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්තවූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනාසුලු සඞ්ඝභේදකයෙක් වෙයි, කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැයි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, ඉවසීම තර වැ නො පිහිටුවා කර්‍මයෙන් යැ ... ඉවසීම තර වැ නො පිහිටුවා උදෙසීමෙන් යැ ... ඉවසීම තර වැ නො පිහිටුවා බැවහර කරමින් යැ ... ඉවසීම තර වැ නො පිහිටුවා ඇස්වීමෙන් යැ ... ඉවසීම තර වැ නො පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ.
7. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි, රුචිය තර වැ නො පිහිටුවා කර්‍මයෙන් යැ ... රුචිය තර වැ නො පිහිටුවා උදෙසීමෙන් යැ ... රුචිය තර වැ නො පිහිටුවා බැවහර කිරීමෙන් යැ ... රුචිය තර වැ නො පිහිටුවා ඇස්වීමෙන් යැ ... රුචිය තර වැ නො පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ යි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ.
8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වෙයි. කවර පසෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි, ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි, අවිනය විනය යැ යි දක්වයි, විනය අවිනය යැ යි දක්වයි. හැඟීම තර වැ නො පිහිටුවා කර්‍මයෙන් යැ ... හැඟීම තර වැ නො පිහිටුවා උදෙසීමෙන් යැ ... හැඟීම තර වැ නො පිහිටුවා බැවහර කිරීමෙන් යැ ... හැඟීම තර වැ නො පිහිටුවා ඇස්වීමෙන් යැ ... හැඟීම තර වැ නො පිහිටුවා ලහ ගැන්වීමෙන් යැ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ භික්‍ෂු තෙමේ කල්පස්ථායී නො වූ නිරිසත් නො වූ පිළියම් කළහැකි අපායෙහි නො උපදනා සුලු සඞ්ඝභේදකයෙක් වේ.
දොළොස්වන දුතිය සඞ්ඝභේදක වර්‍ගය නිමි.