6. ධුතඞ්ග වර්ගය
1. වහන්ස, ආරණ්යකයෝ කෙතෙක් ද?
උපාලි, මේ ආරණ්යකයෝ පස්දෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්: නො දැනීමෙන් මුළාබැවින් ආරණ්යක වෙයි. (ප්රත්යය ප්රාර්ත්ථනා නැමැති) ලාමක අදහස් ඇත්තේ ඒ ලාමක අදහසින් මඩනා ලද්දේ ආරණ්යක වෙයි. උමතු බැවින් චිත්තවික්ෂේපයෙන් ආරණ්යක වෙයි. බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් වර්ණනා කරණ ලදැයි ආරණ්යක වෙයි. වැලිදු අපිස්බව මැ නිසා සතොස්බව මැ නිසා (කෙලෙස්) දුරැලීම මැ නිසා ප්රවිවේකය මැ නිසා මේ පිළිවෙතෙහි ප්රයෝජන ඇතිබව මැ නිසා ආරණ්යක වේ. උපාලි, මොහු පස් දෙන ආරණ්යකයෝ යි.
2.-12. වහන්ස, පිණ්ඩපාතිකයෝ කෙතෙක් ද? ... වහන්ස, පංසුකූලිකයෝ කෙතෙක් ද? ... වහන්ස, රුක්ඛමූලිකයෝ කෙතෙක් ද? ... වහන්ස, සෝසානිකයෝ කෙතෙක් ද? ... වහන්ස, අබෙභාකාසිකයෝ කෙතෙක් ද? ... වහන්ස, තෙචීවරිකයෝ කෙතෙක් ද? ... වහන්ස, සපදානචාරිකයෝ කෙතෙක් ද? ... වහන්ස, නෙසජ්ජිකයෝ කෙතෙක් ද? ... වහන්ස, යථාසන්ථතිකයෝ කෙතෙක් ද? ... වහන්ස ඒකාසනිකයෝ කෙතෙක් ද? ... වහන්ස බලුපච්ඡාභත්තිකයෝ කෙතෙක් ද? ...
13. වහන්ස පත්තපිණ්ඩිකයෝ කෙතෙක් ද?
උපාලි, මේ පත්තපිණ්ඩිකයෝ පස් දෙනෙක් වෙති. කවර පස් දෙනෙක යත්: නො දැනීමෙන් මුළා බැවින් පත්තපිණ්ඩික වෙයි. ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඩනා ලද්දේ පත්තපිණ්ඩික වෙයි. උමතුවෙන් චිත්තවික්ෂේපයෙන් පත්තපිණ්ඩික වෙයි. බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් වර්ණනා කරණ ලදැයි පත්තපිණ්ඩික වෙයි. වැලිදු අපිස්බව මැ නිසා සතොස්බව මැ නිසා කෙලෙස් දුරැලීම මැ නිසා ප්රවිවේකය මැ නිසා මේ පිළිවෙතෙහි ප්රයෝජන ඇති බව මැ නිසා පත්තපිණ්ඩික වේ. උපාලි, මොහු පස්දෙන පත්තපිණ්ඩිකයෝ යි.
සවන ධුතඞ්ග වර්ගය නිමි.
එහි නාමාවලිය:
ආරඤ්ඤක යැ පිණ්ඩපාතික යැ පංසුකූලික යැ රුක්ඛමූලික යැ පස්වනු වූ සෝසානික යැ අබ්භෝකාසික යැ තෙචීවරික යැ සපදාන යැ නෙසජ්ජික යැ යථාසන්ථතික යැ ඒකාසනික යැ බලුපච්ඡාභත්තික යැ පත්තපිණ්ඩික යැ යි.
7. මුසාවාද වර්ගය
1. වහන්ස, මුසාවාද කෙතෙක් ද?
උපාලි, මේ මුසාවාද පසෙකි. කවර පසෙකැ යත්: පරිජියට පැමිණෙන මුසාවාදයෙක් ඇත, සඟවෙසෙසට පැමිණෙන මුසාවාදයෙක් ඇත, ථුලැසියට පැමිණෙන මුසාවාදයෙක් ඇත, පචිතියට පැමිණෙන මුසාවාදයෙක් ඇත, දුකුළාවට පැමිණෙන මුසාවාදයෙක් ඇති. උපාලි, මේ මුසාවාද පසයි.
2. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට: “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්රහ නො කර, විවාද නො කර යි” (තමාගේ වචනයෙන් ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට “මහණ, කම් නැත ඩබර නො කර, කලහ නො කර, විග්රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු යැ. කවර පසෙකිනැ යත්: ලජ්ජා නැත්තේත් වෙයි, අඥානත් වෙයි, අපුවතත් වූයේත් වෙයි, (භික්ෂුභාවයෙන්) චුත කරවන අදහසින් කියන්නේ වෙයි, (ඇවැතින්) නැගී සිටුවන අදහසින් නො කියන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩ සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු යැ. කවර පසෙකිනැ යත්: අපිරිසිදු කායසමාචාර ඇත්තේ වෙයි, අපිරිසිදු වාක්සමාචාර ඇත්තේ වෙයි, අපිරිසිදු දිවි පෙවෙත් ඇත්තේ වෙයි, අව්යක්ත වූ අඥානයෙක් වෙයි, ඩබර කරන්නේ කලහ කරන්නේ වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන්නා වූ මහණහට “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතුයි.
3. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහට අනුයෝගය නො දිය යුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහට අනුයෝගය නො දිය යුතුයි: කවර පසෙකින යත්: ඇවැත නො ඇවැත නො දනියි, ලුහු ගුරු ඇවැත නො දනියි, සාවසේස අනවසේස ඇවැත නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත නො දනියි, පිළියම් සහිත පිළියම් රහිත ඇවැත නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහට අනුයෝගය (චෝදනා විචාරණය) නො දිය යුතු යි.