4. දිට්ඨාවිකර්‍ම වර්‍ගය
1. වහන්ස, නො දැහැමි දිට්ඨාවීකම්ම (ඇවැත් දෙසීම්) කෙතෙක් ද?
උපාලි, මේ නොදැහැමි දිට්ඨාවීකම්ම පසෙකි. කවර පසෙකැ යත්: අනාපත්තියෙහි (ඇවැතැයි) ඇවැත දෙසයි, දේසනාගාමිනී නොවූ ගරු ඇවැතෙහි ඇවැත දෙසයි. දෙසූ ඇවතෙහි (යළි) ඇවැත දෙසයි, හතර පස් දෙනෙකුන් හා (එකතුව) ඇවැත දෙසයි, (වාග්භේද නො කොට) සිතීමෙන් මැ ඇවැත දෙසයි. උපාලි, මේ නො දැහැමි ඇවැත් දෙසීම් පස යි.
උපාලි, මේ දැහැමි ඇවැත් දෙසීම් පසෙකි. කවර පසෙකැ යත්: ඇවැතෙහි ඇවැත දෙසයි, දේසනාගාමිනී ඇවැතෙහි ඇවැත දෙසයි, නො දෙසූ ඇවතෙහි ඇවැත දෙසයි, සතර පස් දෙනෙකුන් හා නොම එකතුව ඇවැත දෙසයි, සිතීමෙන් ම නො වැ වාග්භේද කොට ඇවැත දෙසයි. උපාලි, මේ දැහැමි ඇවැත් දෙසීම් පස යි.
2. උපාලි, අනෙකුදු නොදැහැමි ඇවැත් දෙසීම් පසෙකි, කවර පසෙක යත්: (ලබ්ධි වශයෙන් හෝ කර්‍ම වශයෙන් හෝ) නානා සංවාසකයකු හමුවෙහි ඇවැත් දෙසයි, නානා සීමාවෙහි සිටියහු හමුවෙහි ඇවැත් දෙසයි, ප්‍රකෘත නොවූ මහණක්හු (උඛෙවුනීකම් කරණ ලද්දහු හෝ පොහෝ පවුරුණු තබන ලද්දහු) හමුවෙහි ඇවැත දෙසයි. සතර පස් දෙනෙකුන් හා කැටිවැ ඇවැත දෙසයි, (වාග්භේද නොකොට) සිතීමෙන් ම ඇවැත දෙසයි. උපාලි, මේ නො දැහැමි ඇවැත් දෙසීම් පස යි.
උපාලි, මේ දැහැමි ඇවැත් දෙසීම් පසෙකි, කවර පසෙකැ යත්: සමානසංවාසකයකු හමුයෙහි ඇවැත දෙසයි, සමාන සීමාවෙහි සිටියහු හමුයෙහි ඇවැත දෙසයි, ප්‍රකෘත මහණක්හු හමුවෙහි ඇවැත දෙසයි, සතර පස් දෙනෙකුන් හා නොම එකතුව ඇවැත දෙසයි, සිතීමෙන් මැ නොවැ වාග්භේද කොට මැ ඇවැත දෙසයි. උපාලි, මේ දැහැමි ඇවැත් දෙසීම් පස යි.
3. වහන්ස, නොදැහැමි පිළිගැණුම් කෙතෙක් ද?
උපාලි, මේ නොදැහැමි පිළිගැණුම් පසෙකි, කවර පසෙකැ යත්: (මෙරමා) කයින් දෙනු ලබන්නක් (තමාගේ) කයින් නොපිළිගන්නා ලද්ද යැ, (මෙරමා) කයින් දෙනු ලබන්නක් (තමාගේ) කය පිළිබැදියකින් නොපිළිගන්නා ලද්ද යැ, (මෙරමා) කය පිළිබැදියකින් දෙනු ලබන්නක් (තමාගේ) කයින් නොපිළිගන්නා ලද්ද යැ, (මෙරමා කය පිළිබැදියකින් දෙනු ලබන්නක් (තමාගේ) කය පිළිබැදියකින් නොපිළිගන්නා ලද්ද යැ, නිසැදුමෙන් දෙනු ලබන්නක් (තමාගේ) කයින් හෝ කය පිළිබැදියකින් හෝ නොපිළිගන්නා ලද්ද යි. උපාලි, මේ නොදැහැමි පිළිගැණුම් පස යි.
උපාලි, මේ දැහැමි පිළිගැණුම් පසෙකි, කවර පසෙක යත්: කයින් දෙනු ලබන්නක් කයින් පිළිගන්නා ලද්ද යැ, කයින් දෙනු ලබන්නක් කය පිළිබැදියකින් පිළිගන්නා ලද්ද යැ, කය පිළිබැදියකින් දෙනු ලබන්නක් කයින් පිළිගන්නා ලද්ද යැ, (මෙරමා) කය පිළිබැදියකින් දෙනු ලබන්නක් (තමාගේ) කය පිළිබැදියකින් පිළිගන්නා ලද්ද යැ, නිසැදුමෙන් දෙනු ලබන්නක් කයින් හෝ කය පිළිබැදියකින් හෝ පිළිගන්නා ලද්ද යැ. උපාලි, මේ දැහැමි පිළිගැණුම් පස යි.
4. වහන්ස, අනතිරික්ත කෙතෙක් ද ?
උපාලි, මේ අනතිරික්ත පසෙකි, කවර පසෙක යත්: කැප නොකරණ ලද වෙයි, පිළිගැන්ම නොකරණලද වෙයි, ඔසවාපෑම නොකරණලද වෙයි, අත්පස්හි නොකරණ ලද වෙයි, මේ සියල්ල සෑහේ යැ යි (වාග්භේද කොට) නො කියන ලද වේ. උපාලි, මේ අනතිරික්ත පස යි.
උපාලි, මේ අතිරික්ත පසෙකි, කවර පසෙක යත්: කැප කරණලද වෙයි, පිළිගැන්ම කරණලද වෙයි, ඔසවා පෑම කරණලද වෙයි, අත්පස්හි කරණලද වෙයි, මේ සියල්ල සෑහේ යැ යි කියනලද වේ. උපාලි, මේ අතිරික්ත පස යි.
5. වහන්ස, කෙතෙක් අයුරින් පවාරණය පැණේ ද ?
උපාලි, පස් අයුරකින් පවාරණය පැණෙයි. කවර පසෙකින යත්:-(අඩාළ) බොජුන පැණෙයි, (පස් බොජුන් අතුරෙන්) එක් බොජුනෙක් පැණෙයි, (දෙරියන් වියත්) අත්පසෙහි සිටියේ වෙයි. (කයින්) එළවයි, (කයින් වචනින්) පිළිකෙව් කිරීම පැණේ. උපාලි, මේ පස් අයුරින් පවාරණය පැණෙයි.
6. වහන්ස, නොදැහැමි ප්‍රතිඥාතකරණ කෙතෙක් ද?
උපාලි, මේ නොදැහැමි ප්‍රතිඥාතකරණ පසෙකි, කවර පසෙක යත්: මහණ පරිජි අවන් වෙයි, පරිජි ඇවතින් චෝදනා කරණු ලබන කල්හි සඟවෙසෙස් අවන්මි යි පිළින කෙරෙයි, සඞ්ඝ තෙමේ ඔහුට සඟවෙසෙසින් විනය කර්‍ම කරවා නම් (එය) අධම්මික පටිඤ්ඤාතකරණ යැ. මහණ පරිජි අවන් වෙයි, පරිජි ඇවතින් චෝදනා කරණු ලබන කල්හි පචිති ඇවැත් ... පිළිදෙස්නී ඇවැත් ...