ශමථ නානාර්‍ත්‍ථාදිය
1. සම්මුඛාවිනයැ යි හෝ සතිවිනයැ යි හෝ මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථයෝ ද, නානාඛ්‍යඤ්ජනයෝ ද, නොහොත් ඒකාර්‍ත්‍ථතා ඇත්තෝ ද, ඛ්‍යඤ්ජන මතුයෙක් වෙනස් වූවාහු ද යත්: සම්මුඛාවිනය යි හෝ අමූළ්හවිනයැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ පටිඤ්ඤාතකරණ යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ යෙභූය්‍යපසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තස්සපාපිය්‍යසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තිණවත්‍ථාරක යැ යි හෝ මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථයෝ ද, නානාඛ්‍යඤ්ජන යෝ ද, නොහොත් ඒකාර්‍ත්‍ථයෝ ද, ඛ්‍යඤ්ජන මතුයෙක් වෙනස් ද යත්:
සම්මුඛාවිනයැ යි හෝ සතිවිනයැ යි හෝ මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථ ද නානාඛ්‍යඤ්ජන ද වෙති. සම්මුඛාවිනයැ යි හෝ අමූළ්හවිනයැ යි හෝ .... සම්මුඛාවිනයැ යි හෝ පටිඤ්ඤාතකරණ යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ යෙභූය්‍යසිකා යැයි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තස්සපාපිය්‍යසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තිණවත්‍ථාරක යැ යි හෝ මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථ ද නානාඛ්‍යඤ්ජන ද වෙත්,
2. විවාදය විවාදාධිකරණ වේ ද, විවාදය අධිකරණ නො වේ ද, අධිකරණය විවාද නො වේ ද, අධිකරණ වූයේ ම විවාද වේ ද යත්:
විවාදය විවාදාධිකරණ විය හෙයි, විවාදය අධිකරණ නො විය හෙයි, අධිකරණය විවාද නො විය හෙයි, අධිකරණ ද වූයේ ම විවාදත් විය හෙයි.
එහි කවර විවාදයෙක් විවාදාධිකරණ වේ ද යත්: මෙ සස්නෙහි මහණහු ධර්‍ම යැ යි හෝ අධර්‍ම යැ යි හෝ විවාද කෙරෙත් ද ... තුළුල් ඇවැතැයි හෝ නො තුළුල් ඇවැතැයි හෝ විවාද කෙරෙත් ද, එහි යම් අරගලයෙක් කලහයෙක් විරුද්ධග්‍රහණයෙක් විරුද්ධවාදයෙක් නානාවාදයෙක් අන්‍යථාවාදයෙක් සිතෙහි දුක් ඇති කිරීම පිණිස වූ පරුෂ වචනයෙක් හිංසායෙක් වේ ද, මේ විවාදය විවාදාධිකරණ වේ.
එහි කවර විවාදයෙක් අධිකරණ නො වේ ද යත්: පුතු හා මවු ද විවාද කෙරෙයි, මව හා පුත් ද විවාද කෙරෙයි, පුතු හා පියා ද විවාද කෙරෙයි, පියා හා පුත් ද විවාද කෙරෙයි, බෑයා හා බෑයා ද විවාද කෙරෙයි, බුහුන හා බෑයා ද විවාද කෙරෙයි. බෑයා හා බුහුන ද විවාද කෙරෙයි. යහළු හා යහළුවා විවාද කෙරේ. මේ විවාද යි අධිකරණ නො වේ.
එහි විවාද නොවූ අධිකරණ කවර යැ යත්: අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණ යැ යන මේ විවාද නො වූ අධිකරණ යි.
එහි කුමක් අධිකරණ වූයේ ම විවාදත් වෙයි යත්: විවාදාධිකරණය අධිකරණ වූයේ ම විවාද ද වේ.
3. අනුවාදය අනුවාදාධිකරණ වේ ද, අනුවාදය අධිකරණ නො වේ ද, අධිකරණය අනුවාද නො වේ ද, අධිකරණ වූයේ ම අනුවාදත් වේ ද යත්:
අනුවාදය අනුවාදාධිකරණ විය හෙයි, අනුවාදය අධිකරණ නො විය හෙයි, අධිකරණය අනුවාද නො විය හෙයි. අධිකරණ වූයේ ම අනුවාදත් විය හෙයි.
එහි කවර අනුවාදයෙක් අනුවාදාධිකරණ වේ යැ යත්: මෙ සස්නෙහි මහණහු මහණක්හට ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීව විපත්තියෙන් හෝ චෝදනා කෙරෙති. එහි යම් චෝදනා කිරීමෙක් පුනපුනා කීමෙක් පුනපුනා තෙපලීමෙක් පුනපුනා බිණීමෙක් පුනපුනා තිදොරින් අවනත වීමෙක් දැඩි වැ නැඟී සිටීමෙක් අනුබල දීමෙක් වේ ද, මේ අනුවාදය අනුවාදාධිකරණ වේ.
එහි කවර අනුවාදයෙක් අධිකරණ නො වේ ය යත්: මව ද පුතුට චෝදනා කෙරෙයි, පුත් ද මවට චෝදනා කෙරෙයි, පියා ද පුතුට චෝදනා කෙරෙයි, පුත් ද පියාට චෝදනා කෙරෙයි, බෑයා ද බෑයාට චෝදනා කෙරෙයි, බෑයා ද බුහුනට චෝදනා කෙරෙයි, බුහුන ද බෑයාට චෝදනා කෙරෙයි, යහළුවා ද යහළුවාට චෝදනා කෙරේ. මේ අනුවාද යි, අධිකරණ නො වේ.
එහි කවර අධිකරණයෙක් අනුවාද නො වේ යැ යත්: ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණ යැ විවාදාධිකරණ යැ යන මේ අධිකරණ වෙයි, අනුවාද නො වේ.
එහි කවරෙක් අධිකරණ වූයේ ම අනුවාදත් වේ යැ යත්: අනුවාදාධිකරණය අධිකරණ වූයේ ම අනුවාදත් වේ.
4. ආපත්තිය ආපත්තාධිකරණ වේ ද, ආපත්තිය අධිකරණ නො වේ ද, අධිකරණය ආපත්ති නො වේ ද, අධිකරණ වූයේ ම ආපත්තිත් වේ ද යත්: