අධිකරණ භේද
1. අධිකරණ සතරෙකි: විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණ යි. මේ අධිකරණ සතර යැ.
මේ සතර අධිකරණයන්ගේ උක්කෝටන (යලි විසඳුම් පිණිස ඉදිරියට ඇදීම්) කෙතෙක් ද යත්: මේ සතර අධිකරණයන්ගේ උක්කෝටන දශයෙකි: විවාදාධිකරණය පිළිබඳ උක්කෝටන දෙකෙකැ, අනුවාදාධිකරණය පිළිබඳ උක්කෝටන සතරෙකැ, ආපත්තාධිකරණය පිළිබඳ උක්කෝටන තුණෙකැ, කිච්චාධිකරණය පිළිබඳ උක්කෝටන එකෙකි. මේ සතර අධිකරණයන්ගේ මේ දස උක්කෝටන යි.
2. විවාදාධිකරණය උක්කෝටනය කරන්නේ කෙතෙක් ශමථයන් උක්කෝටනය කෙරේ ද, අනුවාදාධිකරණය උක්කෝටනය කරන්නේ කෙතෙක් ශමථයන් උක්කෝටනය කෙරේද, ආපත්තාධිකරණය උක්කෝටනය කරන්නේ කෙතෙක් ශමථයන් උක්කෝටනය කෙරේ ද, කිච්චාධිකරණය උක්කෝටනය කරන්නේ කෙතෙක් ශමථයන් උක්කෝටනය කෙරේ ද යත්:
විවාදාධිකරණය උක්කෝටනය කරන්නේ ශමථ දෙකක් උක්කෝටනය කෙරෙයි, අනුවාදාධිකරණය උක්කෝටනය කරන්නේ ශමථ සතරක් උක්කෝටනය කෙරෙයි, ආපත්තාධිකරණය උක්කෝටනය කරන්නේ ශමථ තුණක් උක්කෝටනය කෙරෙයි, කිච්චාධිකරණය උක්කෝටනය කරන්නේ එක් ශමථයක් උක්කෝටනය කෙරේ.
3. උක්කෝටනයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරෙකින් උක්කෝටනය දනවයි ද, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත පුද්ගල තෙමේ අධිකරණය උක්කෝටනය කෙරේ ද, කෙතෙක් පුද්ගලයෝ අධිකරණය උක්කෝටනය කරන්නාහු ඇවැත් අවදිත් ද යත්:
උක්කෝටන දොළොසෙකි, දශ අයුරෙකින් උක්කෝටනය දනවයි, සිවු අඟෙකින් යුත් පුද්ගල තෙමේ අධිකරණය උක්කෝටනය කෙරෙයි, පුඟුලෝ සතරදෙනෙක් අධිකරණය උක්කෝටනය කරන්නාහු ඇවැත් අවදිත්.
4. දොළොස් උක්කෝටනයෝ කවරහු ද යත්: නොකරණලද කර්ම යැ, වරදවා කරණ ලද කර්ම යැ, නැවැත කටයුතු කර්ම යැ, නො සන්හිඳුවන ලද්ද යැ, වරදවා සන්හිඳු වන ලද්ද යැ, නැවැත සන්හිඳවියයුත්ත යැ, නො විසඳනලද්ද යැ, වරදවා විසඳනලද්ද යැ, නැවැත විසඳියයුත්ත යැ, ව්යුපශමනය නො කරණ ලද්ද යැ, වරදවා ව්යුපශමනය කරණ ලද්ද යැ, නැවත ව්යුපශමනය කටයුත්ත යැ යි. මේ දොළොස් උක්කෝටනයෝ යි.
5. කවර දශ අයුරෙකින් උක්කෝටනය දනවා ද යත්: ඒ විහාරයෙහි හටගත් අධිකරණය උක්කෝටනය කෙරෙයි, එහි හටගත් සන්හිඳුවන ලද අධිකරණ උක්කෝටනය කෙරෙයි, අතරමඟැ අධිකරණය උක්කෝටනය කෙරෙයි, අතරමඟ සන්හිඳුවනලද අධිකරණය උක්කෝටනය කෙරෙයි, එහි ගියහු එහි ම හිඳුවා විනිශ්චය කළ අධිකරණය උක්කෝටනය කෙරෙයි, එහි ගියහු එහි ම හිඳුවා සන්හිඳුවනලද අධිකරණය උක්කෝටනය කෙරෙයි, සතිවිනය උක්කෝටනය කෙරෙයි, අමූළ්හවිනය උක්කෝටනය කෙරෙයි, තස්සපාපිය්යසිකාව උක්කෝටනය කෙරෙයි, තිණවත්ථාරකය උක්කෝටනය කෙරේ. මේ දශ අයුරින් උක්කෝටනය දනවයි.
6. කවර සිවු අඟෙකින් යුත් පුද්ගල තෙමේ අධිකරණය උක්කෝටනය කෙරේ ද යත්: ඡන්දයෙන් අගතියට යන්නේ අධිකරණය උක්කෝටනය කෙරෙයි, ද්වේෂයෙන් අගතියට යන්නේ ... මෝහයෙන් අගතියට යන්නේ ... බියෙන් අගතියට යන්නේ අධිකරණය උක්කෝටනය කෙරේ. මේ සිවුඅඟින් යුත් පුද්ගල තෙමේ අධිකරණය උක්කෝටනය කෙරේ.
7. කවර පුද්ගලයෝ සතර දෙනෙක් අධිකරණය උක්කෝටනය කරන්නාහු ඇවැත් අවදිත් ද යත්: එදවස උපසපන් වූයේ උක්කෝටනය කෙරේ නම් උක්කෝටනක පචිතිය වෙයි, ආගන්තුක තෙමේ උක්කෝටනය කෙරේ නම් උක්කෝටනක පචිතිය වෙයි, කාරක තෙමේ උක්කෝටනය කෙරේ නම් උක්කෝටනක පචිතිය වෙයි, ඡන්දදායක තෙමේ උක්කෝටනය කෙරේ නම් උක්කෝටනක පචිතිය වේ. මේ පුද්ගලයෝ සතර දෙන අධිකරණය උක්කෝටනය කරන්නාහු ඇවැත් අවදිත්.
අධිකරණනිදානාදිය
1. විවාදාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර (රැස්) කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: අනුවාදාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: ආපත්තාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: කිච්චාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්:
විවාදාධිකරණය (අටළොස් භේදකර වස්තු සඞ්ඛ්යාත) විවාදය නිදාන කොට ඇත්තේ යැ, විවාදය සමුදය කොට ඇත්තේ යැ, විවාදය ජාති කොට ඇත්තේ යැ, විවාදය ප්රභවය කොට ඇත්තේ යැ, විවාදය සම්භාර කොට ඇත්තේ යැ, විවාදය සමුට්ඨාන කොට ඇත්තේ යි. අනුවාදාධිකරණය චෝදනාව නිදාන කොට ඇත්තේ යැ, චෝදනාව සමුදය කොට ඇත්තේ යැ, චෝදනාව ජාති කොට ඇත්තේ යැ, චෝදනාව ප්රභව කොට ඇත්තේ යැ, චෝදනාව සම්භාර කොට ඇත්තේ යැ, චෝදනාව සමුට්ඨාන කොට ඇත්තේ යි. ආපත්තාධිකරණය ආපත්ති නිදාන කොට ඇත්තේ යැ, ආපත්ති සමුදය කොට ඇත්තේ යැ, ආපත්ති ජාති කොට ඇත්තේ යැ, ආපත්ති ප්රභව කොට ඇත්තේ යැ, ආපත්ති සම්භාර කොට ඇත්තේ යැ, ආපත්ති සමුට්ඨාන කොට ඇත්තේ යි. කිච්චාධිකරණය (සිවුවැදෑරුම්) සඞ්ඝකර්ම නිදාන කොට ඇත්තේ යැ, සඞ්ඝකර්ම සමුදය කොට ඇත්තේ යැ, සඞ්ඝකර්ම ජාති කොට ඇත්තේ යැ, සඞ්ඝකර්ම ප්රභව කොට ඇත්තේ යැ, සඞ්ඝකර්ම සම්භාර කොට ඇත්තේ යැ, සඞ්ඝකර්ම සමුට්ඨාන කොට ඇත්තේ යි.
2. විවාදාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: අනුවාදාධිකරණය ... ආපත්තාධිකරණය ... කිච්චාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: