සමථනිදානාදිය
1. සම්මුඛාවිනය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්: සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ... යේභුය්යසිකාව ... තස්සපාපිය්යසිකාව ... තිණවත්ථාරකය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්:
සම්මුඛාවිනය නිදානනිදාන කොට ඇත, නිදානසමුදය කොට ඇත, නිදානජාති කොට ඇත, නිදානප්රභව කොට ඇත, නිදානසම්භාර කොට ඇත, නිදානසමුට්ඨාන කොට කොට ඇති. සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය නිදානනිදාන කොට ඇත, නිදානසමුදය කොට ඇත, නිදාන ජාති කොට ඇත, නිදාන ප්රභව කොට ඇත, නිදානසම්භාර කොට ඇත, නිදානසමුට්ඨාන කොට ඇති. යේභුය්යසිකාව නිදාන නිදාන කොට ඇත, නිදාන සමුදය කොට ඇත, නිදාන ජාති කොට ඇත, නිදාන ප්රභව කොට ඇත. නිදාන සම්භාර කොට ඇත, නිදාන සමුට්ඨාන කොට ඇති. තස්සපාපිය්යසිකාව ... තිණවත්ථාරකය නිදාන නිදාන කොට ඇත, නිදාන සමුදය කොට ඇත, නිදාන ජාති කොට ඇත, නිදාන ප්රභව කොට ඇත, නිදාන සම්භාර කොට ඇත, නිදාන සමුට්ඨාන කොට ඇති.
2. සම්මුඛාවිනය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්: සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ... යේභුය්යපසිකාව ... තස්සපාපිය්යසිකාව ... තිණවත්ථාරකය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්:
සම්මුඛාවිනය හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්රභව කොට ඇත, හේතු සම්භාර කොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති. සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්රභව කොට ඇත, හේතු සම්භාරකොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති. යේභුය්යසිකාව හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්රභව කොට ඇත, හේතු සම්භාර කොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති. තස්සපාපිය්යසිකාව ... තිණවත්ථාරකය හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්රභව කොට ඇත, හේතු සම්භාර කොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති.
3. සම්මුඛාවිනය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්: සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ... යේභුය්යසිකාව ... තස්සපාපිය්යසිකාව ... තිණවත්ථාරකය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්:
සම්මුඛාවිනය ප්රත්යය නිදාන කොට ඇත, ප්රත්යය සමුදය කොට ඇත, ප්රත්යය ජාති කොට ඇත, ප්රත්යය ප්රභව කොට ඇත, ප්රත්යය සම්භාර කොට ඇත, ප්රත්යය සමුට්ඨාන කොට ඇති, සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ප්රත්යය නිදාන කොට ඇත, ප්රත්යය සමුදය කොට ඇත, ප්රත්යය ජාති කොට ඇත, ප්රත්යය ප්රභව කොට ඇත, ප්රත්යය සම්භාර කොට ඇත, ප්රත්යය සමුට්ඨාන කොට ඇති. යේභුය්යසිකාව ප්රත්යය නිදාන කොට ඇත, ප්රත්යය සමුදය කොට ඇත, ප්රත්යය ජාති කොට ඇත, ප්රත්යය ප්රභව කොට ඇත, ප්රත්යය සම්භාර කොට ඇත, ප්රත්යය සමුට්ඨාන කොට ඇති. තස්සපාපිය්යසිකාව ... තිණවත්ථාරකය ප්රත්යය නිදාන කොට ඇත, ප්රත්යය සමුදය කොට ඇති. ප්රත්යය ජාති කොට ඇත, ප්රත්යය ප්රභව කොට ඇත, ප්රත්යය සම්භාර කොට ඇත, ප්රත්යය සමුට්ඨාන කොට ඇති.
4. සප්ත ශමථයන් පිළිබඳ මුල් කෙතෙක් ද, සමුට්ඨාන කෙතෙක් ද යත්: සප්ත ශමථයන් පිළිබඳ මුල් සවිස්සෙකැ. සමුට්ඨාන සතිසෙකි.
සප්ත ශමථයන් පිළිබඳ මුල් සවිස්ස කවරේ ද යත්: සඞ්ඝසම්මුඛතා යැ, ධම්මසම්මුඛතා යැ, විනයසම්මුඛතා යැ, පුග්ගලසම්මුඛතා යි සම්මුඛාවිනය පිළිබඳ මුල් සතරෙකි. සතිවිනය පිළිබඳ මුල් සතරෙකි ... අමූළ්හවිනය පිළිබඳ මුල් සතරෙකි ... යමෙක් තෙමේත් දෙසා ද යමකුහටත් දෙසා ද යන පටිඤ්ඤාතකරණය පිළිබඳ මුල් දෙකෙකි. යේභුය්යසිකාව පිළිබඳ මුල් සතරෙකි ... තස්සපාපිය්යසිකාව පිළිබඳ මුල් සතරෙකි ... සඞ්ඝසම්මුඛතා යැ, ධම්මසම්මුඛතා යැ, විනයසම්මුඛතා යැ, පුග්ගලසම්මුඛතා යි තිණවත්ථාරකය පිළිබඳ මුල් සතරෙකැ යි මේ සප්ත ශමථයන් පිළිබඳ මුල් සවිස්ස යි.
සප්තශමථයන් පිළිබඳ සතිස් සමුට්ඨානයෝ කවරහු ද යත්: සතිවිනය කර්මය පිළිබඳ ක්රියා යැ, කරණ යැ, උපගමන යැ, අද්ධ්යුපගමන යැ, අධිවාසනා යැ, අප්රතික්රෝශ පිළිබඳ ක්රියා යැ, කරණ යැ, උපගමන යැ, අද්ධ්යුපගමන යැ, අධිවාසනා යැ, අප්රතික්රෝශන යයි. අමූළ්හවිනය කර්මය පිළිබඳ ... පටිඤ්ඤාතකරණ කර්මය පිළිබඳ ... යෙභූය්යසිකා කර්මය පිළිබඳ ... තස්සපාපිය්යසිකා කර්මය පිළිබඳ ... තිණවත්ථාරක කර්මය පිළිබඳ ක්රියා යැ, කරණ යැ, උපගමන යැ, අද්ධ්යුගමන යැ, අධිවාසනා යැ, අප්රතික්රෝශන යැ යි මොහු සප්ත ශමථයන් පිළිබඳ සතිස් සමුට්ඨානයෝ වෙත්.
ශමථ නානාර්ත්ථාදිය
1. සම්මුඛාවිනයැ යි හෝ සතිවිනයැ යි හෝ මේ ධර්මයෝ නානාර්ත්ථයෝ ද, නානාඛ්යඤ්ජනයෝ ද, නොහොත් ඒකාර්ත්ථතා ඇත්තෝ ද, ඛ්යඤ්ජන මතුයෙක් වෙනස් වූවාහු ද යත්: සම්මුඛාවිනය යි හෝ අමූළ්හවිනයැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ පටිඤ්ඤාතකරණ යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ යෙභූය්යපසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තස්සපාපිය්යසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තිණවත්ථාරක යැ යි හෝ මේ ධර්මයෝ නානාර්ත්ථයෝ ද, නානාඛ්යඤ්ජන යෝ ද, නොහොත් ඒකාර්ත්ථයෝ ද, ඛ්යඤ්ජන මතුයෙක් වෙනස් ද යත්:
සම්මුඛාවිනයැ යි හෝ සතිවිනයැ යි හෝ මේ ධර්මයෝ නානාර්ත්ථ ද නානාඛ්යඤ්ජන ද වෙති. සම්මුඛාවිනයැ යි හෝ අමූළ්හවිනයැ යි හෝ .... සම්මුඛාවිනයැ යි හෝ පටිඤ්ඤාතකරණ යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ යෙභූය්යසිකා යැයි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තස්සපාපිය්යසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තිණවත්ථාරක යැ යි හෝ මේ ධර්මයෝ නානාර්ත්ථ ද නානාඛ්යඤ්ජන ද වෙත්,