අධිකරණාභිප්රාය
1. විවාදාධිකරණය අනුවාදාධිකරණය වේ ද, ආපත්තාධිකරණය වේ ද, කිච්චාධිකරණය වේ ද යත්:
විවාදාධිකරණය අනුවාදාධිකරණය නො වෙයි, ආපත්තාධිකරණය නො වෙයි, කිච්චාධිකරණය නො වේ. එහෙත් විවාදාධිකරණ හේතුයෙන් අනුවාදාධිකරණය වෙයි, ආපත්තාධිකරණය වෙයි, කිච්චාධිකරණය වේ. කෙබඳු යැ යත්: මේ ශාසනයෙහි භික්ෂූහු ධර්මය කියා හෝ අධර්මය කියා හෝ ... තුළුල් ඇවැත් කියා හෝ නො තුළුල් ඇවැත් කියා හෝ විවාද කරත් නම් එහි යම් අරගලයෙක් කලහයෙක් විරුද්ධග්රහණයෙක් විරුද්ධවාදයෙක් නානාවාදයෙක් අන්යථාවාදයෙක් සිතෙහි දුක් ඇති කිරීම පිණිස වූ පරුෂ වචනයෙක් ඩබරයෙක් වේ ද, මෙය විවාදාධිකරණ යයි කියනු ලැබේ. විවාදාධිකරණයෙහි සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණය යි.
විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණ යි. චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණය යි. ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්ම කෙරේ නම් කිච්චාධිකරණ යි. මෙසේ විවාදාධිකරණ හේතුයෙන් අනුවාදාධිකරණය වෙයි, ආපත්තාධිකරණය වෙයි, කිච්චාධිකරණය වේ.
2. අනුවාදාධිකරණය ආපත්තාධිකරණය වේ ද, කිච්චාධිකරණය වේ ද, විවාදාධිකරණය වේ ද යත්:
අනුවාදාධිකරණය ආපත්තාධිකරණය නො වෙයි, කිච්චාධිකරණය නො වෙයි, විවාදාධිකරණය නො වේ. එහෙත් අනුවාදාධිකරණ හේතුයෙන් ආපත්තාධිකරණය වෙයි, කිච්චාධිකරණය වෙයි, විවාදාධිකරණය වේ. කෙබඳු යැ යත්: මේ ශාසනයෙහි භික්ෂූහු ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටි විපත්තියෙන් හෝ ආජීව විපත්තියෙන් හෝ මහණක්හට චෝදනා කරත් නම් එහි යම් චෝදනා කිරීමෙක් පුනපුනා කීමෙක් පුනපුනා තෙපලීමෙක් පුනපුනා බිණුමෙක් පුනපුනා තිදෙරින් අවනතවීමෙක් දැඩි නැඟී සිටීමෙක් අනුබල දීමෙක් වේ ද, මෙය අනුවාදාධිකරණය යි කියනු ලැබේ. අනුවාදාධිකරණයෙහි සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණයි, විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණ යි, චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණ යි, ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්ම කෙරේ නම් කිච්චාධිකරණ යි. මෙසේ අනුවාදාධිකරණ හේතුයෙන් ආපත්තාධිකරණය වෙයි, කිච්චාධිකරණය වෙයි, විවාදාධිකරණය වේ.
3. ආපත්තාධිකරණය කිච්චාධිකරණය වේ ද, විවාදාධිකරණය වේ ද, අනුවාදාධිකරණය වේ ද යත්:
ආපත්තාධිකරණය කිච්චාධිකරණය නො වෙයි, විවාදාධිකරණය නො වෙයි, අනුවාදාධිකරණය නො වේ. එහෙත් ආපත්තාධිකරණ හේතුයෙන් කිච්චාධිකරණය වෙයි, විවාදාධිකරණය වෙයි, අනුවාදාධිකරණය වේ. කෙබඳු යැ යත්: ඇවැත්කඳු පස ම ආපත්තාධිකරණ යි, ඇවැත් කඳු සත ම ආපත්තාධිකරණ යි, මෙය ආපත්තාධිකරණ යි කියනු ලැබේ. ආපත්තාධිකරණයෙහි සඞ්ඝ තෙමේ විවාදා කෙරේ නම් විවාදාධිකරණ යි, විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණ යි, චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණ යි, ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්ම කෙරේ නම් කිච්චාධිකරණ යි. මෙසේ ආපත්තාධිකරණ හේතුයෙන් කිච්චාධිකරණය වෙයි, විවාදාධිකරණය වෙයි, අනුවාදාධිකරණය වේ.
4. කිච්චාධිකරණය විවාදාධිකරණය වේ ද, අනුවාදාධිකරණය වේ ද, ආපත්තාධිකරණය වේ ද යත්:
කිච්චාධිකරණය විවාදාධිකරණය නො වෙයි, අනුවාදාධිකරණය නො වෙයි, ආපත්තාධිකරණය නො වේ. එහෙත් කිච්චාධිකරණ හේතුයෙන් විවාදාධිකරණය වෙයි, අනුවාදාධිකරණය වෙයි, ආපත්තාධිකරණය වේ. කෙබඳු යැ යත්: සඞ්ඝයාගේ අපලෝකන කර්ම යැ ඤත්ති කර්ම යැ ඤත්තිදුතිය කර්ම යැ ඤත්තිචතුත්ථ කර්ම යැ යි යම් කෘත්යභාවයක් කටයුතු බවෙක් වේ ද, මෙය කිච්චාධිකරණ යැ යි කියනු ලැබේ. කිව්වාධිකරණයෙහි සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණ යි, විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණ යි, චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණ යි, ඒ ඇවතින් සඞ්ඝ තෙමේ කර්ම කෙරේ නම් කිච්චාධිකරණ යි. මෙසේ කිච්චාධිකරණ හේතුයෙන් විවාදාධිකරණ වෙයි, අනුවාදාධිකරණ වෙයි, ආපත්තාධිකරණ වේ.