පෘච්ඡා විසර්‍ජනවාරය
1. යම් තැනෙක්හි සතිවිනය වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි සතිවිනය වේ ද, යම් තැනෙක්හි අමූළ්හවිනය වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි අමූළ්හවිනය වේ ද, යම් තැනෙක්හි පටිඤ්ඤාතකරණය වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි පටිඤ්ඤාතකරණය වේ ද, යම් තැනෙක්හි යේභුය්‍යපසිකාව වේ නම් එහි සම්මුඛාවිනය වේ ද යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි යේභුය්‍යපසිකාව වේ ද යම් තැනෙක්හි තස්සපාපිය්‍යසිකාව වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි තස්සපාපිය්‍යසිකාව වේ ද, යම් තැනෙක්හි තිණවත්‍ථාරකය වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි තිණවත්‍ථාරකය වේ ද යත්:
2. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අධිකරණය සන්හිඳේ ද, යම් තැනෙක්හි සතිවිනය වේ නම් එහි සම්මුඛාවිනය වෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි සතිවිනය වෙයි. එහි අමූළ්හවිනය නො වෙයි, එහි පටිඤ්ඤාතකරණය නො වෙයි, එහි යේභුය්‍යපසිකාව නො වෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො වෙයි, එහි තිණවත්‍ථාරකය නො වේ.
3. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද ... සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද ... සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යපසිකාවෙන් ද ... සම්මුඛාවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද ... සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද අධිකරණය සන්හිඳේ ද, යම් තැනෙක්හි තිණවත්‍ථාරකය වේ නම් එහි සම්මුඛාවිනය වෙයි, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි තිණවත්‍ථාරකය වෙයි, එහි සතිවිනය නො වෙයි, එහි අමූළ්හවිනය නො වෙයි, එහි පටිඤ්ඤාතකරණය නො වෙයි, එහි යේභුය්‍යපසිකාව නො වෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො වේ.
සංසෘෂ්ටවාරය
1. සම්මුඛාවිනයැ යි හෝ සතිවිනයැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍රයෝ ද නැතහොත් අමිශ්‍රයෝ ද, මේ ධර්‍මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට ලැබේ ද යත්: සම්මුඛාවිනයැ යි හෝ අමූළ්හවිනයැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ පටිඤ්ඤාතකරණය යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ යේභුය්‍යසිකායැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තස්සපාපිය්‍යාසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තිණවත්‍ථාරක යැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍රයෝ ද නැතහොත් අමිශ්‍රයෝ ද, මේ ධර්‍මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට ලැබේ ද යත්:
2. සම්මුඛාවිනයැ යි හෝ සතිවිනයැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍රයහ, අමිශ්‍රයෝ නො වෙත්. මේ ධර්‍මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට නො ලැබිය හැක්කැ. සම්මුඛාවිනයැ යි හෝ අමූළ්හවිනයැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ පටිඤ්ඤාතකරණයැ යි හෝ ... සම්මුඛාවිනයැ හෝ යෙභූය්‍යසිකායැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තස්සපාපිය්‍යසිකායැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තිණවත්‍ථාරකයැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍රයහ, අමිශ්‍රයෝ නො වෙත්. මේ ධර්‍මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට නො ලැබිය හැකියි.
සමථනිදානාදිය
1. සම්මුඛාවිනය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්: සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ... යේභුය්‍යසිකාව ... තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්:
සම්මුඛාවිනය නිදානනිදාන කොට ඇත, නිදානසමුදය කොට ඇත, නිදානජාති කොට ඇත, නිදානප්‍රභව කොට ඇත, නිදානසම්භාර කොට ඇත, නිදානසමුට්ඨාන කොට කොට ඇති. සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය නිදානනිදාන කොට ඇත, නිදානසමුදය කොට ඇත, නිදාන ජාති කොට ඇත, නිදාන ප්‍රභව කොට ඇත, නිදානසම්භාර කොට ඇත, නිදානසමුට්ඨාන කොට ඇති. යේභුය්‍යසිකාව නිදාන නිදාන කොට ඇත, නිදාන සමුදය කොට ඇත, නිදාන ජාති කොට ඇත, නිදාන ප්‍රභව කොට ඇත. නිදාන සම්භාර කොට ඇත, නිදාන සමුට්ඨාන කොට ඇති. තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය නිදාන නිදාන කොට ඇත, නිදාන සමුදය කොට ඇත, නිදාන ජාති කොට ඇත, නිදාන ප්‍රභව කොට ඇත, නිදාන සම්භාර කොට ඇත, නිදාන සමුට්ඨාන කොට ඇති.
2. සම්මුඛාවිනය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්: සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ... යේභුය්‍යපසිකාව ... තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්:
සම්මුඛාවිනය හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්‍රභව කොට ඇත, හේතු සම්භාර කොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති. සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්‍රභව කොට ඇත, හේතු සම්භාරකොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති. යේභුය්‍යසිකාව හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්‍රභව කොට ඇත, හේතු සම්භාර කොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති. තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්‍රභව කොට ඇත, හේතු සම්භාර කොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති.
3. සම්මුඛාවිනය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්: සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ... යේභුය්‍යසිකාව ... තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්: