6. 7.
1. අනදර පිණිස පය ලූ මිරිවැඩි ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනදර පිණිස පය ලූ වහන් ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස යානයෙහි හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනදර පිණිස යහන්හි හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස අකවටු අවුලුවා හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනදර පිණිස වෙළන ලද හිස ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනදර පිණිස හිස වසා පෙරවියහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනදර පිණිස බිමැ හිඳ අසුනෙහි හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනදර පිණිස මිටි අස්නෙකැ හිඳ උස් අසුනෙකැ හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනදර පිණිස නැඟී සිටිමින් හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
11. අනදර පිණිස පසුව යමින් පෙරටුව යන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
12. අනදර පිණිස නොමඟින් යමින් මඟින් යන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
13. අනදර පිණිස සිටිමින් මල කිස හෝ මූ කිස හෝ කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
14. අනදර පිණිස තෘණයෙන් නිල් වූ පෙදෙසෙහි මල කිස හෝ මූ කිස හෝ කරණ කෙළ හෝ හෙළන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
15. අනදර පිණිස පරිභෝග ජලයෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි. අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ මේ එක් ඇවතට පැමිණේ.
සත්වැනි පාදුකා වර්‍ග යි.
සේඛියා නිමි.
දෙවැනි කතාපත්තිවාරය නිමි.