6. 2.
1. අනදර පිණිස මහසිනාවෙන් යුතු වැ ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනදර පිණිස මහසිනාවෙන් යුතු වැ ඇතුළුගමැ හිඳින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවැතට යි.
4. අනදර පිණිස උස්හඬ මහහඬ නඟමින් අතුළුගමැ හිඳින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස කය සලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනදර පිණිස කය සලමින් ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනදර පිණිස කොඬ (උරහිස) සලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනදර පිණිස කොඬ සලමින් ඇතුළුගම හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනදර පිණිස හිස සලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනදර පිණිස හිස සලමින් ඇතුළුගමැ හිඳින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
දෙවැනි උජ්ජග්ඝික වර්‍ග යි.
6. 3.
1. අනදර පිණිස උකුළෙහි තබනලද අත් ඇති වැ ඇතුළුගම් වදින මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනදර පිණිස උකුළෙහි තබනලද අත් ඇති වැ ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස හිස වසා පෙරවැ ඇතුළුගම් වදින මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනදර පිණිස හිස වසා පෙරවැ ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස අක් පත්ලෙන් හෝ විලුඹින් හෝ ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනදර පිණිස අකවටු ගන්වා ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනදර පිණිස නො සකස් වැ පිඬුවා පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනදර පිණිස තැනැ තැනැ බලමින් පිඬු පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනදර පිණිස සූපය ම බෙහෙවින් පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනදර පිණිස මුදුන් කළ පිඬුවා පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
තෙවැනි ඛම්භකත වර්‍ගයි.
6. 4.
1. අනදර පිණිස නො සකස් වැ පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනදර පිණිස තැනැ තැනැ බලමින් පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස තැනැ තැනැ හනා පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනදර පිණිස සූපය ම බෙහෙවින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස බත මුදුනෙන් මැඩ පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනදර පිණිස සූපය හෝ ව්‍යඤ්ජනය හෝ බතින් වසන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.