2. 5.
පාටිදේසනීයකාණ්ඩය
1. ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙණ වළඳන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙණ වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ. ඇතුළු ගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙන වළඳන මහණ මේ දෙවැතට පැමිණේ.
2. මෙහෙණක විධාන කරණ කල්හි ඇය නො වළක්වා වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත්වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ.
3. සේඛසම්මතය ලත් කුලයන්හි කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙණ වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ.
4. වන සෙනසුන්හි පෙරැ නොදන්වනලදු වැ කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ අරම තුළ දී සියතින් පිළිගෙණ වළඳන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: වන සෙනසුන්හි පෙරැ නො දන්වන ලදු වැ කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ අරමතුළ දී සියතින් පිළිගෙණ වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ. වන සෙනසුන්හි පෙරැ නො දන්වන ලදු වැ කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ අරම තුළ දී සියතින් පිළිගෙණ වළඳන මහණ මේ දෙ ඇවැතට පැමිණේ.
සතර පාටිදේසනීය නිමි.
2. 6.
සේඛියාකාණ්ඩය
6. 1.
1. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳනා මහණ කෙතෙක් ඇවතට පැමිණේද යත්: අනදර පිණිස ඉදිරිපසින් හෝ පසු පසින් හෝ එල්වමින් හඳනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවැතට යි. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳින මහණ මේ එක් ඇවැතට පැමිණේ.
2. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් පොරවන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස කය විවෘත කොට ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනදර පිණිස කය විවෘත කොට ඇතුළුගම හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස අත හෝ පය හෝ කෙළවමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනදර පිණිස අත හෝ පය හෝ කෙළවමින් ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවැතට යි.