4. 9.
1. පළමු නො දන්වන ලදු වැ රජුගේ ඇතොවුරට පිවිසෙන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය එළිපත ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
2. රුවනක් නඟා තබා දෙනු පිණිස ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි. ගත්කල්හි පචිති ඇවැත් වේ.
3. දොළොස් රියන් අත්පස සිටි මහණහු නො පිළිවිස විකාලයෙහි ගම් වදින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය පිරිකෙව් ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
4. ඇටමුවා හෝ දළමුවා හෝ අංමුවා හෝ හිදි ගුලාවක් කරවන මහණ දෙ ඇවැත කට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.
5. පමණ ඉක්ම වූ ඇඳක් හෝ පුටුවක් හෝ කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.
6. පුළුන් එවැ ඇඳක් හෝ පුටුවක් හෝ කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.
7. පමණ ඉක්මවූ නිසීදනයක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.
8. පමණ ඉක්මවූ කස්පිළිසනක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.
9. පමණ ඉක්ම වූ වැසි සළුවක් කරවන මහණ දෙඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.
10. සුගත්සිවුර පමණ සිවුරක් කරවන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: සුගත්සිවුර පමණ සිවුරක් කරවන මහණ දෙඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ. සුගත්සිවුර පමණ සිවුරක් කරවන මහණ මේ දෙ ඇවැතට පැමිණේ.
නව වැනි රාජවර්‍ග යි.
දෙ අනූ පචිති නිමි.
2. 5.
පාටිදේසනීයකාණ්ඩය
1. ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙණ වළඳන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙණ වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ. ඇතුළු ගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙන වළඳන මහණ මේ දෙවැතට පැමිණේ.