4. 8.
1. භික්ෂූන් විසින් කරුණු සහිත වැ (සිකපදයෙන්) කියනු ලබන්නේ “ඇවැත ව්යක්ත විනයධර අන් මහණක්හු යම්තාක් නො විචාරම් ද ඒ තාක් මම තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමි” යි කියන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: බෙණේ නම් පියෝහි දුකුළා වෙයි. බිණු කල්හි පචිති ඇවැත් වේ.
2. විනය සිකපදයනට අවමන් කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: අවමන් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. අවමන් කළ කල්හි පචිති ඇවැත් වේ.
3. මුළා කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: මෝහාරෝපණය නොකළ කල්හි මුළා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මෝහාරෝපණය කළ කල්හි මුළා කෙරේ නම් පචිති ඇවැත් වේ.
4. මහණ කිපියේ නො සියමන් ව මහණක්හට පහර දෙන්නේ දෙ ඇවැතකට පැමිණෙයි: පහර දේ නම් පියෝහි දුකුළා වෙයි. පහර දුන් කල්හි පචිති ඇවැත් වේ.
5. මහණ කිපියේ නො සියමන් ව මහණක්හට අතුල්තල නඟා දක්වන්නේ දෙ ඇවැතකට පැමිණෙයි: අතුල් තල නඟා දක්වා නම් පියෝහි දුකුළා වෙයි. නඟා දැක්වූ කල්හි පචිති ඇවැත් වේ.
6. අමූලක සඟ වෙසෙසින් මහණක්හට චෝදනා කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: චෝදනා කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. චෝදනා කළ කල්හි පචිති ඇවැත් වේ.
7. දැන දැන මහණක්හට කුකුස් උපදවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කුකුස් උපදවා නම් පියෝහි දුකුළා වෙයි. ඉපද වූ කල්හි පචිති ඇවැත් වේ.
8. උපන් ඩබර ඇති උපන් කලහ ඇති විවාදයට පැමිණි මහණුන් ගේ බස් ඇසෙන තැන සිටින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “අසන්නෙමි” යි යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනක සිටියේ අසා නම් පචිති ඇවැත් වේ.
9. ධාර්මික කර්මයන්ට ඡන්දය දී පසුව ගුණ කැණ බණන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දොස් පහළ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. දොස් පහළ කළ කල්හි පචිති ඇවැත් වේ.
10. සඟ මැද විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්දය නො දී හුනස්නෙන් නැඟී බැහැර යන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිරිස්හි අත්පස හරනා හට දුකුළා ඇවැත් වෙයි. හළ කල්හි පචිති ඇවැත් වේ.
11. සමග සඞ්ඝයා විසින් සිවුරක් දී පසුව දොස් පහළ කරණුයේ දෙ ඇවැතකට පැමිණේ: දොස් පහළ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. දොස් පහළ කළ කල්හි පචිති ඇවැත් වේ.
12. දැන දැන සඟසතු, සඟනට පිරිනැමූ වස්තුවක් පුද්ගලයක්හට පිරිනමන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිරිනමා නම් පියෝහි දුකුළා වෙයි. පිරිනැමූ කල්හි පචිති ඇවැත් වේ.
අටවැනි සහධම්මික වර්ග යි.
4. 9.
1. පළමු නො දන්වන ලදු වැ රජුගේ ඇතොවුරට පිවිසෙන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය එළිපත ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
2. රුවනක් නඟා තබා දෙනු පිණිස ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි. ගත්කල්හි පචිති ඇවැත් වේ.
3. දොළොස් රියන් අත්පස සිටි මහණහු නො පිළිවිස විකාලයෙහි ගම් වදින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය පිරිකෙව් ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.