4. 1.
1. දැන දැන මුසවා කියන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: දැන දැන මුසවා කියන මහණ පස් ඇවැතකට පැමිණෙයි: ලාමක අදහස් ඇති වැ එයින් මඩනා ලදු වැ තමා කෙරෙහි අවිද්යමාන වූ, නොවූ උතුරු මිනිස්දම් තමා වෙත ඇතැයි ප්රකාශ කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, මුල් නැති පරිජි ඇවැතකින් මහණක්හට චෝදනා කෙරේ නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, “යම් මහණෙක් තොපගේ විහාරයෙහි වෙසේ ද, ඒ මහණ රහත්ය” යි දැනුමැතියක්හට කියා නම් ථුලැසි ඇවැත් වෙයි, නො දැනුමැතියක්හට කියා නම් දුකුළා ඇවැත් වෙයි. දැන දැන මුසවා කීමෙහි පචිති ඇවැත් වේ. දැන දැන මුසවා කියන මහණ මේ පස් ඇවැතට පැමිණේ.
2. (ජාත්යාදියෙන්) ගටා බණින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපනක්හට ගටා බෙණේ නම් පචිති ඇවැත් වෙයි, අනුපසපනක්හට ගටා බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
3. පෙහෙසුන් බස් එළවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපනක් හට පෙහෙසුන් බස් එළවා නම් පචිති ඇවැත් වෙයි, අනුපසපනක්හට පෙහෙසුන්බස් එළවා නම් දුකුළා ඇවැත් වේ.
4. අනුපසපනක්හට පදසෝධම් කියන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කියවා නම් පියෝහි දුකුළා වෙයි, පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වේ.
5. අනුපසපනක්හු හා දෙතුන් රැයකින් මත්තෙහි එක් සෙනස්නෙහි හොවින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හොවී නම් පියෝහි දුකුළා වෙයි, හොත්කල්හි පචිති ඇවැත් වේ.
6. මාගමක හා එක් සෙනස්නෙහි හොවින මහණ දෙ ඇවැතකට පැමිණෙයි. හොවී නම් පියෝහි දුකුළා වෙයි. හොත් කල්හි පචිති ඇවැත් වේ.
7. මාගමක්හට සපස් පෙදෙකින් මත්තෙහි දහම් දෙසන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දෙසා නම් පියෝහි දුකුළා වෙයි, පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වේ.
8. අනුපසපනක්හට තමා තුළ ඇති උතුරු මිනිස්දම් ආරොචන කරණ මහණ තෙමේ දෙ ඇවැතකට පැමිණෙයි: ආරොචන කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, ආරොචන කළ කල්හි පචිති ඇවැත් වේ.
9. මහණහුගේ තුළුල් ඇවැතක් අනුපසපනක්හට ආරොචන කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ආරොචන කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. ආරොචන කළ කල්හි පචිති ඇවැත් වේ.
10. පොළොව කණින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කණි නම් පියෝහි දුකුළා වෙයි, පහරෙහි පහරෙහි පචිති ඇවැත් වේ.
පළමුවන මුසාවාද වර්ග යි.
4. 2.
1. රුක්ලිය කලකුරුවන මහණ දෙඇවැතකට පැමිණෙයි: කලකුරුවා නම් පියෝහි දුකුළා වෙයි, පහරෙහි පහරෙහි පචිති ඇවැත් වේ.
2. ආන්යවචනයකින් අන්යවචනයක් වසන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: අන්යවාදක කර්මය ආරෝපණය නො කළ කල්හි අනෙකකින් අනෙකක් වසා නම් දුකුළා වෙයි, අන්යවාදක කර්මය ආරෝපණය කළ කල්හි අනෙකකින් අනෙකක් වසා නම් පචිත් ඇවැත් වේ.
3. මහණක්හු හෙළා දක්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හෙළා දක්නේ නම් පියෝහි දුකුළා වෙයි, හෙළා දුටු කල්හි පචිති ඇවැත් වේ.
4. සඟසතු ඇඳක් හෝ පුටුවක් හෝ බිස්සක් හෝ බදවෙළුමක් හෝ එළිමහනෙහි අතුට නඟා නො තබා නො පිළිවිස බැහැර යන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය කැටක් හෙළන තැන ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
5. සඟසතු වෙහෙරෙහි අස්නක් අතුට නඟා නො තබා නො පිළිවිස බැහැර යන මහණ දෙඇවැතකට පැමිණෙයි: පළමු පිය පිරිකෙව් ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
6. සඟසතු වෙහෙරෙහි දැන දැන පළමු එළඹි මහණක්හු වෙතට එළඹ ශයනය කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හොවී නම් පියෝහි දුකුළා වෙයි, හොත් කල්හි පචිති ඇවැත් වේ.
7. කිපියේ නොසියමන් වැ සඟසතු වෙහෙරින් මහණක්හු නෙරපන සිත් ඇති මහණ දෙ ඇවැතකට පැමිණෙයි: නෙරපා නම් පියෝහි දුකුළා වෙයි, නෙරපූ කල්හි පචිති ඇවැත් වේ.
8. සඟසතු වෙහෙරෙහි අහස් කිළියෙහි වියල් විද සිළු ගන්වා කළ පා ඇති ඇඳක හෝ පුටුවක හෝ හිඳින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳීනම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
9. පිරිකෙව් සෙවෙනි දෙකක් තුණක් විධාන කොට ඉන් වැඩියක් විධාන කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: විධාන කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, විධාන කළ කල්හි පචිති ඇවැත් වේ.
10. දැන දැන පණුවන් සහිත දිය තණට හෝ මැටියට හෝ ඉසින මහණ දෙ ඇවැත කට පැමිණෙයි: ඉසී නම් පියෝහි දුකුළා වෙයි, ඉසි කල්හි පචිති ඇවැත් වේ.
දෙවන භූතගාම වර්ග යි.
4. 3.
1. මෙහෙණන්හට ඔවා දෙන සම්මතය නො ලද මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ඔවා දේ නම් දුකුළා වෙයි, ඔවා දුන් කල්හි පචිති ඇවැත් වේ.