7. 7.
1. අනදර පිණිස මිරිවැඩි නැඟියහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
2. අනදර පිණිස වහන් නැඟියහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
3. අනදර පිණිස යානයෙහි හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
4. අනදර පිණිස යහන්හි හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
5. අනදර පිණිස (හස්තාදීන්) අකවටු අවුලුවා හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
6. අනදර පිණිස (පිළි ආදියෙන්) හිස් වෙළුම් ඇතියහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
7. අනදර පිණිස හිස වසා පෙරැවියහට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
8. අනදර පිණිස බිමැ හිඳ ආසනයෙහි හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි; කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී ...
9. අනදර පිණිස මිටි අස්නෙක හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
10. අනදර පිණිස සිටියහු විසින් හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
11. අනදර පිණිස පසුව ලා යන්නහු විසින් පෙරටු වැ යන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
12. අනදර පිණිස නොමඟ යන්නහු විසින් මඟ යන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
13. අනදර පිණිස සිටීමෙන් (සිට ගෙණ) මල මූ කිස කරන්නහු, පිළිබඳ දුකුළා සිඛය ...
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
14. අනදර පිණිස නිල් (තණ ආදියෙහි) මල මූ කෙළ බහන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
15. අනදර පිණිස (පිරිබෝ) දියෙහි මල මූ කෙළ බහන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ ය.
කිනම් වස්තුයෙහි ද යත්: සවග මහණහු (පිරිබෝ) දියෙහි මල ද මූ ද කෙළ ද බැහූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි. අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
සත්වන පාදුකා වර්ග යි.
පන්සැත්තෑ සේඛියා නිමි.