1. 7.
සේඛියා කාණ්ඩය
7. 1.
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් අනදර පිණිස (නිසා) ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ඉදිරිපසින් ද පසුපසින් ද එල්වමින් හැන්දාහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
2. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් පොරවන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ඉදිරිපසින් ද පසු පසින් ද එල්වමින් පෙරැවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. ...
3. අනදර පිණිස කය විවරකොට ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: … සවග මහණහු කය විවර කොට ඇතුළුගමැ ගියහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. ...
4. අනදර පිණිස කය විවර කොට ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු කය විවර කොට ඇතුළුගමැ හුන්හ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
5. අනදර පිණිස අත හෝ පය හෝ කෙළවමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු අත ද පය ද කෙළවමින් ඇතුළුගමැ ගියාහු ය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. ....
6. අනදර පිණිස අත හෝ පය හෝ කෙළවමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු අත ද පය ද කෙළවමින් ඇතුළුගමැ හුන්හ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
7. අනදර පිණිස ඒ ඒ තැනැ බලමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: … සවග මහණහු තැනැ තැනැ බලමින් ඇතුළුගමැ ගියහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී.
8. අනදර පිණිස ඒ ඒ තැනැ බලමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: … සවග මහණහු තැනැ තැනැ බලමින් ඇතුළුගමැ හුන්හ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී.
9. අනදර පිණිස එක් පසෙකින් හෝ දෙපසින් හෝ නඟා ගත් සිවුරෙන් යුතු වැ ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු නඟා ගත් සිවුරෙන් යුතු වැ ඇතුළුගමැ ගියහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී.
10. අනදර පිණිස එක් පසෙකින් හෝ දෙපසින් හෝ නඟා ගත් සිවුරෙන් යුතු වැ ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: ... සවග මහණහු නඟා ගත් සිවුරෙන් යුතු වැ ඇතුළුගමැ හුන්හ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
පළමුවන පරිමණ්ඩල වර්ග යි.