7. 6.
1. අනදර පිණිස ‘සුරු සුරු’ යන හඬ නංවමින් වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: කොසඹෑ නුවරැ දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු ‘සුරු සුරු’ යන හඬ කෙරෙමින් කිරි පානය කළහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
2. අනදර පිණිස අත ලෙවමින් වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
3. අනදර පිණිස පාත්රය ලෙවැ ලෙවැ වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
4. අනදර පිණිස තොල් ලෙවැ ලෙවැ වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
5. අනදර පිණිස ඉඳුල් සහිත අතින් පැන්තලිය පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: භගු දනවුහි දී පණවන ලදි.
කවරක්හුහු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු ඉඳුල් සහිත අතින් පැන්තලිය පිළිගත්හු, ඒ වස්තුයෙහි යැ.
6. අනදර පිණිස හුලු සහිත පාත්ර දෙවූ දිය ඇතුළුගෙහි දමන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: භගු දනවුහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙහි ද යත්: බොහෝ මහණහු හුලු සහිත පාත්ර දෙවූ දිය ඇතුළුගෙහි දැමූහු, ඒ වස්තුයෙහි යැ ... .
7. අනදර පිණිස සත් ගත් අත් ඇත්තනුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය කො තැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: වචනයෙන් ද සිතින් ද නඟියි. කයින් නො නඟී. ...
8. අනදර පිණිස දඬුගත් අත් ඇත්තහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
9. අනදර පිණිස (කඩු ඈ) සැත්ගත් අත් ඇත්තහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
10. අනදර පිණිස (දුනුහී ඈ) අවිගත් අත් ඇත්තහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
සවන සුරුසුරු වර්ග යි.
7. 7.
1. අනදර පිණිස මිරිවැඩි නැඟියහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
2. අනදර පිණිස වහන් නැඟියහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
3. අනදර පිණිස යානයෙහි හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
4. අනදර පිණිස යහන්හි හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
5. අනදර පිණිස (හස්තාදීන්) අකවටු අවුලුවා හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
6. අනදර පිණිස (පිළි ආදියෙන්) හිස් වෙළුම් ඇතියහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
7. අනදර පිණිස හිස වසා පෙරැවියහට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...