7. 5.
1. අනදර පිණිස පිඬු මුවට නො එළවූ සඳ මුව විවර කරන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ පණවන ලදී.
කවරක්හු ඇරැබැ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
කවර වස්තුයෙහි ද යත්: සවග මහණහු අනදර පිණිස පිඬු මුවට නො එළවූ සඳ මුව විවර කළහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි:
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
2. අනදර පිණිස වළඳමින් හැම ඇඟිලි මියෙහි බහන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
3. අනදර පිණිස පිඬු සහිත මුවින් බණන්නහු පිළිබඳ දුකුළා සිඛය ... එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
4. අනදර පිණිස පිඬු මියෙහි දමාලා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ... එක් සමුට්ඨානයෙකින් නහියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ....
5. අනදර පිණිස පිඬු කඬ කඬ කොට වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
6. අනදර පිණිස කොපුලැ පිඬු රැස් කොට කොට වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
7. අනදර පිණිස අත් සල සලා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
8. අනදර පිණිස හුලු විසුරුවා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
9. අනදර පිණිස දිව නෙර නෙරා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
10. අනදර පිණිස චපු චපු යන හඬ නංවමින් වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
පස්වන කබල වර්‍ග යි.
7. 6.
1. අනදර පිණිස ‘සුරු සුරු’ යන හඬ නංවමින් වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: කොසඹෑ නුවරැ දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු ‘සුරු සුරු’ යන හඬ කෙරෙමින් කිරි පානය කළහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
2. අනදර පිණිස අත ලෙවමින් වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
3. අනදර පිණිස පාත්‍රය ලෙවැ ලෙවැ වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
4. අනදර පිණිස තොල් ලෙවැ ලෙවැ වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
5. අනදර පිණිස ඉඳුල් සහිත අතින් පැන්තලිය පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: භගු දනවුහි දී පණවන ලදි.
කවරක්හුහු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු ඉඳුල් සහිත අතින් පැන්තලිය පිළිගත්හු, ඒ වස්තුයෙහි යැ.