7. 4.
1. අනදර පිණිස නො සකස් වැ පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි පණවන ලදි.
කවරක් හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කවර වස්තුයෙහි ද යත්: සවග මහණහු අනදර පිණිස නො සකස්වැ පිඬු වැළඳූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
2. අනදර පිණිස තැනැ තැනැ බලමින් පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
3. අනදර පිණිස තැනැ තැනැ හනා පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
4. අනදර පිණිස සූපය ම බොහෝ කොට වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
5. අනදර පිණිස බත මුදුනෙන් හනා පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
6. අනදර පිණිස සූපයක් හෝ ව්‍යඤ්ජනයක් හෝ බතින් වසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
7. අනදර පිණිස සූපයක් හෝ බතක් හෝ නො ගිලන් වැ තමා පිණිස විනවා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
පඤ්ඤත්ති එකෙකැ. අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කයින් ද සිතින් ද සමුට්ඨාන වෙයි, වචනයෙන් නො වෙයි. කයින් ද වචනයෙන් ද සිතින් ද සමුට්ඨාන වන්නේ යි.
8. අනදර පිණිස අවඥා සිතින් අනුන්ගේ පාත්‍රය බලන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
9. අනදර පිණිස මහත් කොට පිඬු කරන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
10. අනදර පිණිස දිගු කොට පිඬු කරන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ පණවන ලදී.
කවරක්හු ඇරැබැ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
කවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු අනදර පිණිස දිගුකොට පිඬු කළහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
සිවුවන පිණ්ඩපාත වර්‍ගයි.
7. 5.
1. අනදර පිණිස පිඬු මුවට නො එළවූ සඳ මුව විවර කරන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ පණවන ලදී.
කවරක්හු ඇරැබැ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
කවර වස්තුයෙහි ද යත්: සවග මහණහු අනදර පිණිස පිඬු මුවට නො එළවූ සඳ මුව විවර කළහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි:
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
2. අනදර පිණිස වළඳමින් හැම ඇඟිලි මියෙහි බහන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
3. අනදර පිණිස පිඬු සහිත මුවින් බණන්නහු පිළිබඳ දුකුළා සිඛය ... එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...