7. 3.
1. අනදර පිණිස උකුළෙහි තබන ලද අත් ඇති වැ ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කො තැන්හි පණවන ලද ද යත්: සවැත් නුවරැ දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු උකුළෙහි තබන ලද අත් ඇති වැ ඇතුළුගමැ ගියහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟි යි. කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. ...
2. අනදර පිණිස උකුළෙහි තබන ලද අත් ඇති වැ ඇතුළු ගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ...
3. අනදර පිණිස හිස වටා පෙරැවැ ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
4. අනදර පිණිස හිස වටා පෙරැවැ ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ...
5. අනදර පිණිස අක්පල්ලෙන් හෝ විලුඹින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
6. අනදර පිණිස අකවටු ගන්වා ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ...
7. අනදර පිණිස නො සකස් වැ පිඬු පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
8. අනදර පිණිස තැනැ තැනැ බලමින් පිඬු පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
9. අනදර පිණිස සූපය ම බෙහෙවින් පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
10. අනදර පිණිස ථූප බඳු කොට පිඬු පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ පණවන ලදී.
කවරක්හු ඇරැබැ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
කවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු අනදර පිණිස මුදුන් කළ පිඬු පිළිගත්හු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
තුන්වන ඛම්භකතවර්ග යි.
7. 4.
1. අනදර පිණිස නො සකස් වැ පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි පණවන ලදි.
කවරක් හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කවර වස්තුයෙහි ද යත්: සවග මහණහු අනදර පිණිස නො සකස්වැ පිඬු වැළඳූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
2. අනදර පිණිස තැනැ තැනැ බලමින් පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
3. අනදර පිණිස තැනැ තැනැ හනා පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
4. අනදර පිණිස සූපය ම බොහෝ කොට වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
5. අනදර පිණිස බත මුදුනෙන් හනා පිඬු වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
6. අනදර පිණිස සූපයක් හෝ ව්යඤ්ජනයක් හෝ බතින් වසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
7. අනදර පිණිස සූපයක් හෝ බතක් හෝ නො ගිලන් වැ තමා පිණිස විනවා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...