7. 2.
1. අනදර පිණිස මහසිනාවෙන් යුතු වැ ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ දි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කවර වස්තුයෙහි ද යත්: සවග මහණහු මහසිනා සෙන්නාහු ඇතුළුගමැ ගියහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
2. අනදර පිණිස මහසිනාවෙන් යුතු වැ අතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මහසිනා සෙන්නාහු ඇතුළුගමැ හුන්හු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …
3. අනදර පිණිස උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය … සවග මහණහු උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගමැ ගියහු, ඒ වස්තු යෙහි යැ. …
4. අනදර පිණිස උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය … සවග මහණහු උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගමැ හුන්හු, ඒ වස්තු යෙහි යැ. …
5. අනදර පිණිස කය සලමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු කය සලමින් ඇතුළුගමැ ගියහ, ඒ වස්තුයෙහි යැ. ... එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
6. අනදර පිණිස කය සලමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු කය සලමින් ඇතුළුගමැ හුන්හු, ඒ වස්තුයෙහි යැ. …
7. අනදර පිණිස අත සලමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු අත සලමින් ඇතුළුගමැ ගියහු, ඒ වස්තුයෙහි යැ. …
8. අනදර පිණිස අත සලමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු අත සලමින් ඇතුළුගමැ හුන්හු, ඒ වස්තුයෙහි යැ ... .
9. අනදර පිණිස හිස සලමින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ... සවග මහණහු හිස සලමින් ඇතුළුගමැ ගියහු, ඒ වස්තුයෙහි යැ. …
10. අනදර පිණිස හිස සලමින් ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු හිස සලමින් ඇතුළුගමැ හුන්හු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
දෙවන උජ්ජග්සික වර්‍ග යි.
7. 3.
1. අනදර පිණිස උකුළෙහි තබන ලද අත් ඇති වැ ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය කො තැන්හි පණවන ලද ද යත්: සවැත් නුවරැ දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු උකුළෙහි තබන ලද අත් ඇති වැ ඇතුළුගමැ ගියහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟි යි. කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. ...
2. අනදර පිණිස උකුළෙහි තබන ලද අත් ඇති වැ ඇතුළු ගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ...
3. අනදර පිණිස හිස වටා පෙරැවැ ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
4. අනදර පිණිස හිස වටා පෙරැවැ ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ...
5. අනදර පිණිස අක්පල්ලෙන් හෝ විලුඹින් ඇතුළුගමැ යන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
6. අනදර පිණිස අකවටු ගන්වා ඇතුළුගමැ හිඳින්නහු පිළිබඳ දුකුළා සිඛය ...
7. අනදර පිණිස නො සකස් වැ පිඬු පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය ...