5. 9.
1. පළමු නො දන්වන ලදුව රජුගේ යහන්ගැබට පිවිසෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරබ ද යත්: ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇරබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පළමු නො දන්වන ලදු වැ රජුගේ යහන්ගබට පිවිසියහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... කඨින සමුට්ඨානයෙහි යැ.
2. රුවන් නගා ගන්නාහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරබ ද යත්: එක්තරා මහණක්හු ඇරබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් රත්නයක් නඟා තැබී යැ. ඒ වස්තු යෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකි.
සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
3. වැළත සිටි මහණක්හු නො විචාරා නොකල්හි ගම් වදනහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු නොකල්හි ගම් වැදුනාහු යැ, ඒ වස්තු යෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති තුණෙකි.
සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ.
4. ඇටමුවා හෝ දළමුවා හෝ අංමුවා හෝ හිදිගුලා කරවන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: ශාක්‍යජනපදයෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු පමණ නො දැන බොහෝ ඉදිකටුගුලා විනවා ගත්හ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
5. පමණ ඉක්මවූ ඇඳක් හෝ පුටුවක් හෝ කරවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර උස් ඇඳෙක්හි ශයනය කෙළේ යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
6. ඇතුළත පුළුන් බැහූ ඇඳක් හෝ පුටුවක් හෝ කරවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ඇතුළත පුළුන් බැහු ඇඳ ද පුටු ද කරවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...