5. 8.
1. භික්‍ෂූන් විසින් බුද්ධප්‍රඥප්ත ශික්‍ෂාපද සහිත කොට කියනු ලබන්නේ “ඇවැත්නි, මම ව්‍යක්ත වූ විනයධර වූ අන් මහණක්හු පිළිවිස්නා තාක් තෙල ශික්‍ෂාපදයෙහි නො හික්මෙන්නෙමි” යි කියන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: කොසඹැ නුවරැදි පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ භික්‍ෂූන් විසින් බුද්ධප්‍රඥප්ත ශික්‍ෂාපද සහිත කොට කියනු ලබන්නේ “ඇවැත, ව්‍යක්ත වූ විනයධර වූ අන් භික්‍ෂු නමක් යම්තාක් නො විචාරන්නෙම් ද, ඒ තාක් මම තෙල සිකපදයෙහි නො හික් මෙන්නෙමි” යි කීයැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී: ...
2. විනය නිඟන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද, යත්: සවග මහණහු විනය ගැරහූ හු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
3. මුළා කරවීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මුළා කරවූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
4. කුපිත වූ නො සතුටු සිතින් මහණක්හට පහර දෙන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු කිපියාහු නො සතුටු සිත් ඇත්තාහු භික්‍ෂූන්ට පහර දුන්හු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
5. කුපිත වූ නො සතුටු සිතින් මහණක්හට අතුල් නගා දක්වන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු කිපියාහු නො සතුටු සිත් ඇත්තාහු භික්‍ෂූන්ට අතුල් නගා දැක්වූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...