5. 5.
1. නග්න තවුසකුට හෝ පරිබ්‍රාජකයකුට හෝ පරිබ්‍රාජිකාවකට හෝ කෑ යුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ සියතින් දෙන්නහු පිළිබඳ පචිතිසිකපදය කො තැන්හි පණවන ලද ද යත්: විසල් පුරයෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ එක්තරා පිරිවැජියකට එකෙකියි හඟිමින් දෙ කැවුමක් දුන්හ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
2. මහණක්හට “ඇවත, එව ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස පිවිසෙන්නෙමු” යි ඒ මහණහට (කිසි අහරක්) දෙවා හෝ නො දෙවා හෝ පිටත් කොට යවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර “ඇවත, එව ගමට පිඬු පිණිස පිවිසෙන්නෙමු” යි, (කැඳවා ගෙණ) ඒ මහණහට කිසිවක් නො දෙවා නඟා යැවිය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සැවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නගී. ...
3. මෙවුන්දම් රාගයෙන් යුත් පුමිතිරි දෙදෙනා ඇති යහන් ගෙහි ඇතුළට වැද හිඳිනහු පිළිබඳ පචිතිසිකපදය කො තැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර පුමිතිරි දෙදෙනා ඇති යහන් ගෙය තුළට වැද හිනැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
4. මාගමක හා රහස්හි පිළිසන් අස්නෙක හිඳිනහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්; ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මාගමක හා රහස්හි පිළිසන් අස්නෙක හුන්නේ යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
5. එකලා වූයේ එකලා වූ මාගමක හා හිඳිනහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි දි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක් හි ද යත්: හුදෙකලා වූ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර හුදෙකලා මාගමක හා රහස්හි හින, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
6. ඇරයුම් ලද බත් ඇතියහු විසින් වැළත සිටි මහණක්හු නො විචාරා පෙර බත්හි හෝ පසු බත්හි හෝ කුලයන්හි හැසිරෙන මහණහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: රජගහනුවරැදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක් හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර ඇරැයුම් ලද බත් ඇතියේ පෙර බත්හි ද පසු බත්හි ද කුලයන්හි හැසිරීමට පැමිණියේ යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති සතරෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ.