5. 6.
1. රහමෙර පීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: කොසැඹ නුවරදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් සාගත තෙරුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් සාගත තෙරණුවෝ මත්පැන් පානය කළහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නගී. කිසිවිටෙක කයින් ද සිතින් නඟියි, වචනයෙන් නො නඟී. ...
2. ගිරිති කැවීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ගිරිති කැවීමෙන් මහණක්හු සිනහ ගැන්වූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
3. දිය කෙළනා රිසියෙන් කිමිදෙන සැහැවියෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සතළොස්වග මහණුන් ඇරැබයැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සතළොස්වග මහණහු අචිරවතී නදියෙහි දිය කෙළි කළෝ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. ...
4. අනදර කිරීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: කොසඹෑ නුවරැදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ අනදර කෙළේයැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟී. ...
5. මහණක්හු බිය ගන්වන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හුහු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මහණක්හු බිය ගැන්වූහු. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නගී. ...
6. ගිනි දල්වා තප්නහු පිළිබඳ පචිතිසිකපදය කො තැන්හි පණවන ලද ද යත්: භගුදනවුහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු ගිනි දල්වා තැප්පාහු යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
7. අඩමසෙකින් මොබ නහන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු රජු ද දැක පමණ නො දැන නැවාහු යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති සයෙකි.
සබ්බත්‍ථ පඤ්ඤත්ති පදෙස පඤ්ඤත්ති ද යත්: පදෙස පඤ්ඤත්ති යි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
8. තෙවැදෑරුම් දුර්වර්‍ණ කිරීම් අතුරෙන් එක්තරා දුර්වර්‍ණ කිරීමක් නො ගෙණ (කප්බිඳු නො තබා) අළුත් සිවුරක් පරිභෝග කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු තමන්ගේ සිවුරු නො හැඳින ගත්හු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
9. මහණක්හට හෝ මෙහෙණකට හෝ හික්මනුවකට හෝ හෙරණකුට හෝ හෙරණකට හෝ තෙමේ සිවුරක් දී නො පසුදුරා පරිභෝග කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මහණක්හට තෙමේ සිවුරක් දී නො පසුදුරා පරිභෝග කෙළේ යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... කඨින සමුට්ඨානයෙහි යැ.