5. 4.
1. ආවස්ථපිණ්ඩය එක් දිනකට වඩා වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පුන පුනා වැස ආවස්ථපිණ්ඩය වැළඳුහ ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
2. ගණභෝජනයෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: දෙව්දත්හු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: දෙව්දත් පිරිස් සහිතවැ කුලයන්හි විනව විනවා අනුභව කෙළේ යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති සතෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
3. පරම්පර භෝජනයෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: විසල් පුරැදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු පැවරූ තැන තබා අන්තැනෙකැ වැළඳූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති සතරෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... කඨින සමුට්ඨානයෙහි යැ.
4. දෙතුන් පයක් පුරා පු පිළිගෙන ඊට වඩා පිළිගන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු පමණ නො දැන පිළිගත්හ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
5. වළඳා නිමවූ පැවරුවහු විසින් අයිරිත් නො කළ කෑ යුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: වළඳා නිමවූ පැවරූ බොහෝ මහණහු, අන් තැනෙක්හි වැළඳුහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... කඨින සමුට්ඨානයෙහි යැ.
6. වළඳා නිමවූ පැවරූ මහණක්හු අයිරිත් නො කළ කෑ යුතු දෙයින් හෝ බුදියයුතු දෙයින් හෝ එළවා පවරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
“කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් වළඳා නිමි පැවරූ මහණක්හු අයිරිත් නොකළ කෑයුතු දෙයින් බුදිය යුතු දෙයින් එළවා පැවරීයැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
7. විකාලයෙහි කෑයුතු දෙයක් හෝ බුදියයුතු දෙයක් හෝ වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සතළොස්වග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සතළොස්වග මහණහු විකාලයෙහි බොජුන් වැළඳුහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි … එළකලෝම සමුට්ඨානයෙහි යැ.
8. පිළිගෙණ රැයක් ඉක්මවූ කෑ යුතු හෝ බුදිය යුතු හෝ දෙයක් වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් බෙලට්ඨසීස තෙරුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් බෙලට්ඨසීස තෙරණුවෝ පිළිගෙණ රැයක් ඉක්ම වූ බොජුනක් වැළඳූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි … එළකලෝම සමුට්ඨානයෙහි යැ.