4. 3.
1. නො ඉටු නො විකැපු අතිරේක පාත්රයක් දස දිනක් ඉක්මවා දරන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු (නො ඉටු නො විකැපු) අතිරේක පාත්රයක් දැරුහ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ. අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසි විටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
2. උනු පස්බාන පාත්රයෙකින් යුතු වැ මුත් අනෙක් අළුත් පාත්රයක් විනවා ගන්නහු පිළිබඳ නිසගිපචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්යජනපදයෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මඳක් බුන් පමණකිනිදු මඳක් කැඩුණු පමණකිනුදු ඉරි ගැසුනු පමණකිනිදු බොහෝ පාත්රයන් විනවූහ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
3. බෙහෙත් පිළිගෙන සත් දිනක් ඉක්ම වන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්ෂූන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්ෂූහු බෙහෙත් පිළිගෙන සත් දිනක් ඉක්ම වූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නගියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
4. ගිමන් සිවු මසින් අයිරා (අතිරේක) මසක් ඉතිරි වැ ඇති කල්හි වැසිසළු සිවුරක් සොයන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ගිමන් සිවු මසින් අයිරා මසක් ඉතිරි වැ ඇති කල්හි වැසිසළු සිවුරක් සෙවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සිවුවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟියි: ...
5. මහණක්හට තමා ම සිවුරක් දී කිපී නොසියමන් (නො සතුටු) වැ පැහැර ගන්නහු පිළිබඳ නිසගිපචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර මහණක්හට තෙමේ සිවුරක් දී කිපියේ නොසියමන් වූයේ පැහැර ගත්තේ ය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟියි: ...
6. තමා ම හූ විනවා ගෙන පෙහෙරන් ලවා සිවුරක් වියවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහ නුවරැ දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු තුමූ ම හූ විනවා ගෙන පෙහෙරන් ලවා සිවුරක් වියවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟියි: ...