1. 4.
නිස්සග්ගියකණ්ඩය
4. 1.
1. සිකපද පැණවීමෙහි කල් දන්නාවූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් අතිරේකචීවරය දසදිනක් ඉක්ම වන්නහු පිළිබඳ නිසගිපචිතිය කොතන්හි පණවනලද යැ යත්: විසල්පුරයෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබැයැ යත්: සවගමහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුවෙක්හි ද යත්: සවගමහණහු දසදිනක් ඉක්ම ගිය අතිරේක චීවරයක් දැරූහ, ඒ වස්තුයෙහි ය.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
2. එක් රැයක් තුන් සිවුරෙන් වෙන්ව වසන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබැයැ යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු (සඟළ) සිවුර භික්‍ෂූන් ඇතැ තබා හඳනය හා උතුරුසඟ සිවුරෙන් යුතුව දනවු සැරිසැරීමට ගියාහු ය. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
3. අකාලචීවරයක් පිළිගෙන මසක් ඉක්මවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු අකාල චීවරයක් පිළිගෙන (නො ඉටා නො විකපා) මසක් ඉක්මවූහ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
4. නො නෑ මෙහෙණක ලවා පැරැණි සිවුරක් දොවවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කො තන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ නො නෑ මෙහෙණක ලවා පැරැණි සිවුරක් දොවාපීයැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
5. නො නෑ මෙහෙණක අතින් සිවුරක් පිළිගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: රජගහනුවරැ දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ නො නෑ මෙහෙණක අතින් සිවුරක් පිළිගත්තේ යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
6. නො නෑ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ සිවුරක් ඉල්වාගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයාත් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර නො නෑ සිටු දරුවකුගෙන් සිවුරක් ඉල්වීයැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
7. නො නෑ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ එක් හඳනයකට උතුරුසඟ සිවුරකට වැඩි සිවුරක් ඉල්වාගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.