4. 2.
1. තිහිරිහූ මුසුකළ ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කො තන්හි පණවන ලද යැ යත්: අළව්පුරයෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු තිහිරිවායන් වෙත එළඹ මෙසේ කීහ: “ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු, අපට ද දෙවු, අපිදු තිහිරිහූ මුසුකළ ඇතිරියක් කරන්නට කැමැත්තම්හ” යි, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
2. හුදු කළු එළුලොමින් ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: විසල්පුරයෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
කිනම් වස්තුවෙක්හි ද යත්: සවග මහණහු හුදු කළු එළුලොමින් ඇතිරියක් කරවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
3. හෙළ එළුලොම් සතරින් කොටසක් ද කිඹුල්වන් එළුලොම් සතරින් කොටසක් ද නො ගෙන අළුත් ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක් හි ද යත්: සවග මහණහු මඳක් හෙළ එළුලොම් ද එසේ ම මඳක් හුදු කළු එළුලොම් ද කෙළවරැ ගන්වා එළුලොමින් ඇතිරියක් කරවූහ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
4. හවුරුදු පතා ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු හවුරුදු පතා ඇතිරි කරවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
5. පැරුණි ඇතිරිය පසෙකින් සුගත්වියතක් පමණ (කඩක්) නො ගෙන අළුත් නිසදුන් ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හිද යත්: බොහෝ භික්‍ෂූහු ඇතිරි හැරැපියා ආරණ්‍යකාඞ්ගය පිණ්ඩපාතිකාඞ්ගය පාංශුකූලිකාඞ්ගය සමාදන් වූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
6. එළුලොම් පිළිගෙන තුන් යොදුනක් ඉක්ම යන්නහු පිළිබඳ නිසගිපචිති සික පදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් එළුලොම් පිළිගෙන තුන් යොදුනක් ඉක්ම ගියේ යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසිවිටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟි. …
7. නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍යජනපදයෙහිදි පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු නො නෑ මෙහෙණන් ලවා එළුලොම් දොවවාලූහ, ඒ වස්තුවෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
8. රන් රිදී මසුකහවණු පිළිගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදි.
කවරක් හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර රන්රිදී මසුකහවණු පිළිගත්තේ යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
9. නන්වැදෑරුම් රන්රිදීමසුකහවණු ගනුදෙනුවට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.